ඉදිරි අයවැය සැකසීම උදෙසා මුදල් අමාත්‍යවරයා විසින් ව්‍යාපාර සංවිධාන ගණනාවක් ඇතුළු ආයතන 102 ක් සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කොට අදහස් හා යෝජනා ලබාගත් බව රජය පවසයි.
මෙවර අයවැය සැකසීමේ දී ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමේ වාණිජ මණ්ඩලවලින් යෝජනා ලබාගැනීමට මෙතෙක් කටයුතු කර නොමැති බවට පළවූ පුවතට ප්‍රතිචාර දක්වමින් එලෙස සාකච්ඡා කරන ලද ආයතනවල සහ ව්‍යාපාරික සංවිධානවල ලැයිස්තුව රජයේ අතිරේක ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
මුදල් අමාත්‍යවරයා මෙම කණ්ඩායම් වරින් වර කැඳවා අයවැය පිළිබඳ සාකච්ඡා කළ බවත් එම අදහස් හා යෝජනා ඉදිරි අයවැයට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවත් හෙතෙම කියා සිටී.
අයවැය සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් සාකච්ඡා කළ පාර්ශ්වයන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.








