පසුගිය දින කීපය තුල ඇති වූ අයපහත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පවුල් 1444කට බලපෑම් එල්ල වී ඇති අතර පුද්ගලයින් 5790ක් ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් සුදත්ත රණසිංහ සඳහන් කරයි.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල, රත්නපුරය, නුවර , නුවර එළිය, යාපනය, පුත්තලම කෑගල්ල මුලතිව්, ගාල්ල සහ කොළඹ යන දිස්ත්‍රික්කයන් 10 සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ට බලපෑම් ඇති වී තිබෙන බව ඔහු පවසයි.
පූර්ණ නිවාස හානි 3ක් සහ අර්ධ නිවාස 409ක් වාර්තා වන බවද හෙතෙම පැවසීය..
ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ 117 දුරකථනය හරහා පැය 24පුරාම තොරතු ලබා දිය හැකි බවද ජෙනරාල් වරයා සදහන් කරයි.
පූර්ණ හානියට පත් නිවාස සදහා හානිපූර්ණයන් සිදුකිරිම හා අර්ධ හානි සිදුවූ නිවාස සදහා අවශ්‍ය මුදල් හා ආධාර ලබා දිමක් සිදුකරන බවද හෙතෙම . පැවසීය







