අල්ලපු වැටේ මුස්ලිම් දරුවකුට ආනන්ද නාලන්ද පාසලල්වලට ඇතුළත් විය නොහැකි නම්, සිංහල දරුවකුට සහිරා විද්‍යාලයට යා නොහැකි නම්, දරුවන් එකම අධ්‍යාපන ක්‍රමයක් තුළට ගෙනෙන්නට බැරිව සංහිඳියාව ගැන කුමන කතා දැයි එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
තම බළකායට පැවරූ වගකීමේ කාලය මාස 4ක් බවත් උන්වහන්සේ පැවසුවේ එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පළමු වරට මාධ්‍ය ඇමතීමේ අවස්ථාවේදී ය.
ඇතැම් සුළු ජාතීන්, දේශපාලන පක්ෂ තුළ ගලගොඩ අත්ත ඥානසාර හිමියන් පිළිබඳව ඇති අපැහැදිලි ප්‍රතිරූපය සමග ඉදිරියේදී කටයුතු කරන්නේ කෙසේදැයි මාධ්‍යවේදියකු මෙහිදී විමසා සිටියේය.
“පළමුවෙන්ම සුළු ජාතීන් කියන එක අපි අමතක කළ යුතුයි. සුළු ජාතිය අර ජාතිය මේ ජාතිය කිය කිය භාෂා භාෂා හැටියට පළාත් හැටියට මේ ගෙනාපු කුණු ගොඩේ ප්‍රතිඵලය නිසානෙ ජනාධිපතිතුමාට සිද්ධවෙන්නේ සිද්ධ වෙන්නේ මේ වගේ කාර්ය සාධක බළකායක් පිහිටුවන්න. එතකොට නිදහසෙන් පස්සේ අවුරුදු හැත්තෑ තුනක් ගතවෙලා තියෙනවා මේ අවුරුදු 73 තුළ අපොහොසත් වෙලා තියෙනවා මේ රටේ දේශපාලනය විසින් රටේ ජාතික ඒකාබද්ධතාවය ගොඩනගන්න. හැම අවුරුදු පහෙන් පහට ම අපට ඇහෙනවා ව්‍යවස්ථා සංශෝධන, විධායක ජනාධිපති ක්‍රමය ගැන ආදී කොට ගත් මේ නීති අණ පනත් සකස් කිරීම පිළිබඳ කතා. කොච්චර දිගද කියල බලන්න මේ කතා. මට මතකයි යුද ජයග්රහණයෙන් පස්සේ 2009 එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා ආයෙ මේ රටේ සුළු ජාතිය අර ජාතිය මේ ජාතිය කියලා කතාවක් නෑ, මේ රටේ එක ජාතියයි ශ්‍රී ලාංකික කියන ජාතිය අපි ගොඩනගමු කියලා. අදටත් ඒක විවෘතයි නේ. නමුත් අවාසනාවකට අපට මේ පවරපු වගකීම පිළිබඳව තේරුම් අරගෙන නෑ බොහෝ අය. උදාහරණයක් විදියට ගත්තොත් අපි නීති විශාරදයෝ නෙවෙයි එතකොට මේ නීති විශාරදයන් බලන ඇහැකින් මේ ප්‍රශ්න දිහා බලන්න නෙවෙයි අපට මේ වගකීම දුන්නේ. නීති විශාරදයන් විසින් සකස් කළ තියෙන අණපනත් මේ කෙටුම්පත් ඇතුලේ මිනිස්සු බලාපොරොත්තු වන, මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඒ ආකාරයෙන් සම්පූර්ණ වෙලා තියෙනවද නැද්ද කියන කාරණාව වෙනත් මානයකින් වෙනත් කෝණයකින් බලන්න කියන අවශ්‍යතාවය මතයි මේ කටයුත්ත ගොඩනගලා තියෙන්නේ. ඒක නිසා ඇත්ත වශයෙන්ම අපේ ප්‍රාර්ථනාව මේ සුළු ජාතිය ද නැත්තං මුස්ලිම් ද දෙමළ ද දෙමළද සිංහලද බෞද්ධ කතෝලික හින්දු ක්‍රිස්තියානි ද ද ප්‍රොතෙස්තන්ත ද මේවා අපට වැදගත් කාරණා නෙවෙයි. අපිට තියෙන්නේ රටක නීතිය ජාතියක් හැටියට ලොව ඉදිරියේ නැගිටින්න අපිට තවමත් කරගන්න බැරිවෙලා තියනවා.
ශ්‍රී ලංකාවෙන් පිට ජීවත්වන අය සිංහල ඩයස්පෝරා, දෙමළ ඩයස්පෝරා කියලා බෙදිලා ඉන්නවා. මේ හැමෝම එකට එකතු වෙලා ශ්‍රී ලංකා ඩයස්පෝරා කියලා එකක් හැදෙනවා නම් කොච්චර හොදද. අන්න ඒකයි විය යුත්තේ. ඔබ කුමන ජාතියක වුණත් කුමන ආගමක් ඇදහූවත් ශ්‍රී ලංකාව පළමුව තබා කටයුතු කරනවා නම් එය තමයි විය යුත්තේ. මේ ගැන ගැඹුරින් කතාකරන්න ඒකට අවශ්‍ය නීති රාමුව හදන්න අපි කටයුතු කරනවා.
ලක්ෂ ගාණක් තරුණ තරුණියන් මෙතෙක් වන්දි ගෙව්වේ ඔවුන් කළ වැරදිවලට නොවේ. ඒ නිසා ඔවුන්ට අපි වැඩි අවස්ථාවක් දිය යුතුයි. ඔවුන්ගේ අදහස් හා යෝජනා අපට ලබාදෙන ලෙස අපි ඉල්ලනවා. සියලු පුරවැසියන්ට නීතිය එක ලෙස එක සමානව ක්‍රියාත්මක විය යුතු බවත් අපි අවධාරණය කරනවා. ඒ පදනම යටතේ මේ රටේ සියලු දේශපාලන පක්ෂ ආගමික කණ්ඩායම් සිවිල් කණ්ඩායම් සමග අපි ඉදිරියේදී කතා කරනවා. සැගවුණු න්‍යාය පත්‍රවලින් තොරයි.අපගේ මතය සහ නිර්දේශ නියමිත කාලය තුළ ජනාධිපතිවරයාට අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.
අපිට මේ පවරපු වගකීමේ කාලය මාස හතරයි. මාස හතරකට පස්සෙ කතා කරමු, අපි කොතනද ඉන්නේ අපි කොතනටද මේ වැඩපිළිවෙළ ගෙනල්ලා තියෙන්නේ කියලා. අනේ අපේ ඉතිං ඔය අපි සම්බන්ධයෙන් කතා කරන පක්ෂ විපක්ෂ දේශපාලන බලාධිකාරිය ගැන අමුතුවෙන් මං හිතන්නේ කතා කරන්න ඕන නෑනේ. ඒගොල්ලන්ගෙ අසමත් භාවය මේ මේ පෙන්නුම් කරන්නේ.
මේ සියලු කතාවලින් වැඩිය තබා මොනවද අපි මේ කතා කරන්නේ. අවම තරමින් අපට බැරි වෙලා තියෙනවා නම් එක අධ්‍යාපනයක් ඇතුළත අපේ දරුවෝ පෙළගස්වන්න. වැඩිය තබා තබා මේ කොළඹ තියෙන පාසල් ටික අරන් බලන්න. සහිරා කොලේජ් කියයි හින්දු කොලේජ් කියයි ආනන්ද නාලන්ද යනාදී වශයෙන් ගත්තයින් පස්සේ මේ අල්ලපු වැටේ මුස්ලිම් දරුවෙකුට ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න බැරිනම් නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න බැරිනම් බැරි නම් ඒ අයිතිය සහිරා විද්‍යාලයේ සිංහල දරුවකුට දෙන්නම් දෙන්නෙ නැත්තං හින්දු විද්‍යාලයට දෙන්නේ නැත්නම් මේ මුල් අවස්ථාවෙම දරුවෙක් වන වැඩෙන රට දැය සමයට එහි ප්රගමනය උදෙසා දරුවෙක් වගා කරන අවස්ථාවේදීම අධ්‍යාපනයෙන් බෙදලා නම් අපි කොහොමද ජාතික සමගියක් සංහිඳියාවක් සංවර්ධනයක් ගැන කතා කරන්නේ ඒ නිසා මේක අපේ වචන වලින් කිව්වොත් ඇත්ත වශයෙන්ම අවිද්‍යාත්මක දේශපාලන වටපිටාවක්නෙ මේ තියෙන්නේ. මේ සියලු ප්‍රශ්න ගැන අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. අපි අතීතය අමතක කරමු. අතීතං ඥානු ශෝතන්තී කියලා බුදු වදනක් තිබෙනවා. ඒ වගේම හෙට ගැන හිතලා වැඩිය සෝ වෙමින් ඉන්න එපා. අද දවසේ රාජකාරිය හරියට කරන්න. අපි ඒ ගැන බලමු. අපි සම්බන්ධයෙන් නොයෙක් විවේචන තියෙන පුළුවන්. මොකද ඒක අපේ අතීත භාවිතාව. ඊට හේතුව අපි සමාජය තුළ ගොඩනැගුණු එම මේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීමෙන් ජනයා තුළ ඇතිවන ආතතීන් තේරුම් අරගෙන ඒවාට විසඳුම් සොයා දීම සඳහා කරපු අරගලයක් තමයි අපේ ජීවන භාවිතාව පහුගිය කාලේ දැක්කේ. ඒක එක එක විදිහට එක එක අය අරගන්න පුළුවන්. සුළු ජාතිය වත් වෙන කවුරුවත්වත් කලබල වෙන්න වුවමනා නෑ. අපේ කාරණාව එක ජාතියක් එක නීතියක් එක ධජයක් යටතේ නැගිට ගන්න පුළුවන් වැඩපිළිවෙළක් වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි.
මේ රට ඇතුලේ මොන නායකයා මොන රාජකාරිය ඒ වගකිවයුත්තන්ට පැවරුවත් අපි දකින එක දෙයක් තමයි ඕනවට වඩා කාලය අරගෙන කල්මරන න්‍යාය. මේකත් හරියට රසායනික කාබනික ගොවිතැන වගේ තමයි. මේ කැලේ සුද්ද කරන්නයි අපට තියෙන්නෙ.” යැයි ද උන්වහන්සේ පැවසූහ.
මේ අතර එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අතර සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා පවසයි.
මෙම පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකළේ අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමකින් තොරව ද යන්න පිළිබඳ මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ එම පත්කිරීම සිදුකිරීමෙන් පසු ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා අතර සිදුවූ හමුවේදී මේ බව සාකච්ඡා වූ බවයි.
එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස ඥානසාර හිමි පත්කිරීම සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවත් ඊට තමාගේ කැමැත්තක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සති අන්ත පුවත්පතකට පවසා තිබුණි.
එහිදී කිංග්ස්ලි රත්නායක මහතා කියාසිටියේ, අධිකරණ අමාත්‍යවරයා විසින් සති අන්ත පුවත්පතකට කරන ලද ප්‍රකාශයක් බැවින් එම ප්‍රකාශය මාධ්‍ය පෙරදී ලබාගත් එකක් මිස ඒ මොහොත් ලබාගත් එකක් නොවන බවයි. කෙසේවෙතත් සභාපතිවරයාගේ පත්කිරීමෙන් පසුව ජනපති හා අධිකරණ ඇමති අතර හමුවක් පැවති බවත් එහිදී මේ පිළිබඳ සාකච්ඡා කළ බව ද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.







