දිනසේන රතුගමගේ –
යාපනය ඇතුලු උතුරු ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට යාපනයේ පවුල් 97 කට අයත් පුද්ගලයින් 578 දෙනෙකු විපතට පත්ව සිටින අතර යාපනයේ නාවන්තුරෙයි අච්චුවේලී හා කලුන්දායි ප්‍රදේශ වල නිවාස 19 කට බරපතල ලෙස හානි සිදුව තිබේ.
යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් වර්ෂාව නිසා විපතට පත්ව සිටින ප්‍රදේශවල ජනතාව හමු වීමට යාපනය ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමග ගොස් වැඩිම විපතට පත් පිරිස වෙනත් ස්ථානවලට මාරු කිරීමට උපදෙස් දී තිබේ.
මේ අතර වර්ෂාව මැද අකුණක් ගැසීම නිසා මුලතිව් ප්‍රදේශයේ ගොවි බිමක සිටි පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (31) රෝහල් ගත කළ අතර ඉන් එක් අයෙකු මියගොස් තිබේ.
අධික වර්ෂාව නිසා කිළිනොච්චියේ කුඩා වැව් වාන් දැමීමට පටන් ගෙන ඇති අතර ඇතැම් වැව් වල වැව් බැමි බිදී යාමේ තර්ජන වලට ලක්ව ඇද්දැයි සෙවීම පිණිස පළාතේ යුද හමුදා කණ්ඩායම් නිරීක්ෂණ චාරිකා මහ වැසි මැද ආරම්භ කොට තිබේ.







