හෘද සැත්කමක් හේතුවෙන් ටික දිනක් සිය දේශපාලන කටයුතුවලින් තරමක් ඈත් වී සිටී සමගි ජන බලවේගයේ උප සභාපති, මෙහෙයුම් ප්‍රධානී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වත්තල ආසනයෙන් අද සිට යළි දේශපාලන කටයුතු ඇරඹීමට නියමිතව තිබේ.
ඔහු මෙතෙක් කලක් දේශපාලන කටයුතු කරන ලද්දේ බදුල්ල දිස්ත්‍රික්කය මූලික කරගෙන ය.
ඒ අනුව අද දිනයේදී හරීන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනය පරිදි විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තල ආසනයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට නියමිතය.
වත්තල ආසනයේ හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ද එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.







