තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව එලඹෙන 25 වනදා සිට නැවත ආරම්භ කෙරේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සඳහන් කරන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එලෙස එක්දින සේවාව දිනයක් සහ වේලාවක් වෙන්කර ගන්නා ඉල්ලුම්කරුවන් සඳහා සේවා ලබාදෙන බවය.
සීමිත සේවාලාභීන් පිරිසකට බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ එලෙස ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිතය.
මේ වනවිට සාමාන්‍ය සේවා යටතේ ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා අංක වෙන්කර ගත් ඉල්ලුම්කරුවන් සඳහා ද නියමිත දිනයේදී දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ පහසුකම් පවතී.







