ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැච්ලෙට් විසින් සෞඛ්‍ය සම්පන්න යහපත් පරිසරයක් ජීවත්වීම මානව හිමිකමක් බවට ප්‍රකාශ කළාය.
ඒ අනුව ලොව සෑම රාජ්‍යක්ම සිය ජනතාවට සෞඛ්‍ය සම්පන්න පිරිසිදු පරිසරයක ජීවත්වීම ඉඩ ප්‍රස්ථාව සලසාදීමට කටයුතු කළ යුතු බවට ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය අවධාරණය කළාය.
ඇය මේබව ප්‍රකාශ කරනු ලැබුවේ මේ දින වල ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අතරතුරදීය.
මෙහිදී ජලය, වාතය ඇතුළු පරිසරය සුරක්ෂිත කිරීමත් එමගින් මානවයාගේ ඉදිරි පැවැත්ම සහ යහපත් ජීවන තත්ත්වයක් ඇති කිරීම මෙහි අරමුණ බවද එහිදී මානව හිමිකම් කොමසාරිස්වරිය පෙන්වා දුන්නාය.







