දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දින් මහතා ට රඳවා සිටින සිර කුටිය පස්වරු 5.00ට වසා දමන බවත් ඔහුට වැසිකිලියටවත් යාමට අවසර නොදෙන බැවින් ඔහුට මූත්‍රා කිරීමට බෝතලයක් පාවිච්චි කිරීමට සිදුව ඇති අතර පිටතින් ආහාර ගෙන ඒමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහුට බන්ධනාගාරය තුළ අයිතිවාසිකම් රැක දෙන ලෙසත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඉස්ලාම් භක්තියකතු ලෙස ඔහුට රාත්‍රියේ දී දෙවරක් ජලය පාලනය කළ යුතුව තිබුණත් මේ තත්ත්වය නිසා මන්ත්‍රිවරයා දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද පෙන්වා දුන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ පිළිබඳව කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියේ මන්ත්‍රිවරුන්ගේ අයිතවාසිකම් වෙනුවෙන් පෙනී සිට ක්‍රියාත්මක වන ලෙසය.
මීට වේගවත් පිළිතුරක් ලබා දුන් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කිරිඅල්ල මහතා ඇතුළු ආණ්ඩුව බලයේ සිටින විට තමන්ටද බන්ධනාගාරගත ව සිටින්නට සිදු වූ අතර ඔහුට ද වැසිකිලි වෙනුවට බෝතල් පාවිච්චි කිරීමට සිදුවූ බවත් ප්‍රකාශ කළ අතර තමන් ඒවා ඉවසා දරාගෙන සිටියා මිස කාටවත් පැමිණිලි කරන්නට නොගිය බව ට ප්‍රතිචාර දැක්විය.
කෙසේ වුවද විවාදය අතරතුර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා සම්බන්ධ කර කරුණු විමසා ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා යළිත් නැගිට සඳහන් කළේ තමන් රිෂාඩ් බදූර්දීන් මන්ත්‍රීවරයාගේ ප්රශ්නය විසඳු බවය. තමන් මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට කතා කළ බවත් තමන්ද බන්ධනාගාර ගතව සිටින කාලයේ විඳි දුෂ්කරතා සිහිපත් කරමින් රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාගේ අවශ්‍යතාව පිළිබඳ ව සලකා බලන ලෙස තමන් ඉල්ලා සිටි බවත් ඒ අනුව රිෂාඩ් බදූර්දීන්ට සවස 5.00ත් උදේ 6.00ත් අතර වැසිකිලි භාවිතයට අවසර දිය හැකි බවට බන්ධනාගාරයෙන් දැනුම් දුන් බවද සභාවට හෙළි කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් බදූර්දින් මහතාගේ නීතීඥයන් කිසිදු දිනයක අධිකරණයේදී දැනුම් දී නොමැති බවයි. එසේ දැනුම් දුන්නේ නම් මේ ප්රශ්නය මීට කලින් විසඳා ගත හැකිව තිබූ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසීය.







