නොවැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස්පෙළ හා ශිෂ්‍යත්ව විභාගය කල් දමන්නට සිදුවන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (07) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
රාජ්‍ය ඇමතිවරයා කීවේ කොවිඩ් වසංගතයෙන් දීර්ඝ කාලයක් රට හා පාසල් වසා තැබීමට සිදුවීම නිසා ඉහත තීරණය ගත් බවය.
අධ්‍යාපන බලධාරීන් හා අනෙක් පාර්ශවයන් සමග පවත්වන සාකච්ඡාවකින් අනතුරුව විභාගය පැවැත්වෙන දින වකවානු තීරණය කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.







