මහනුවර අස්ගිරි මහා විහාර ප්‍රවිශ්ට මාර්ගයෙ වම්පසට වන්නට ඉදිකොට ඇති කොන්ක්‍රීට් පැති බැම්මේ සැලකිය යුතු කොටසක් අද සවස තුනට පමණ කඩාවැටී තිබේ.
ඇදවැටුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම බැම්මේ කොටස කඩා වැටී ඇතැයි වාර්තා විය.
2014 වසරේ අග භාගයේ දී නාවික හමුදාව යොදවා අඩි හතළිහක් උසට තනන ලද මෙම බැම්ම සඳහා රුපියල් මිලියන හතකට අධික මුදලක් වියදම් කොට තිබිණි. අස්ගිරි විහාරයේ නව ගොඩනැගිල්ලේ ආරක්ෂාව සඳහා මෙම ඉදිකිරීම සිදුකර තිබිණි.







