මීට දින කිහිපයකට පෙර ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ Pandora පේපර්ස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන්වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට ජනාධිපතිවරයා එම නියෝගය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා පැවසීය.







