ග්රාහක දත්ත අනුව මෙතෙක් ලොව සිදුවූ විශාලතම අන්තර්ජාල බිඳවැටීම වූ ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්සටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලා යළි සක්‍රීය කර තිබේ.
පැය හයක් තිස්සේ අක්‍රීයව තිබූ මෙම සමාජ මාධ්‍ය ජාලා යළි සක්‍රීය කළ බව ෆේස් බුක් ආයතනය නිවේදනය කළේය.
මෙම මාධ්‍ය ජාලා වෙත ලංකාවේ වේලාවෙන් පස්වරු 9.30 සිට ප්‍රවේශ වීමට නොහැකි විය. කෙසේ වෙතත් ලංකාවේ වෙලාවෙන් අලුයම 3.30 ට පමණ මෙම සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීමේ හැකියාව ලැබී තිබිණි.
ග්රාහක දත්ත අනුව ලෙව පුරා සමාජ මාධ්‍ය වෙත පිවිසීමේ ගැටලු බිලියන 10.9ක වාර්තා වී තිබුණේය. මීට පෙර මෙවැනි බිඳවැටීමක් වාර්තා වන්නේ වර්ෂ 2019 දී ය.
ෆේස්බුක් වෙබ් අඩවිවල නාමකරණ පද්ධතියේ දෝෂයක් නිසා මෙම ගැටලුව ඇති වූ බව අන්තර්ජාල විශේෂඥයෝ මේ වනවිට මත පල කරති.
මෙම බිඳවැටීම හේතුවෙන් මාර්ක් සකබර්ග්ට ඩොලර් බිලින 06ක පමණ පාඩුවක් සිදු වී ඇති බවත්, ෆේස්බුක් කොටස් අගය සියයට 5කින් පහළ වැටී ඇති බවත්, වාර්තා වේ.







