දමිත් තොටවත්ත අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (04) පෙරවරුවේ කැඳවූ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය එල්ල වීමේ සිද්ධියට සම්බන්ධ නඩු විභාගය නැවත නොවැම්බර් මස 23 වනදා කැඳවීමට නියෝග කෙරිනි.
නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර්, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු 25 දෙනෙකු නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටියත් එක් විත්තිකරුවෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා අද අධිකරණයට ඉදිරපත් කර නොතිබිණි. ඉතිරි විත්තිකරුවන් 24 දෙනාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්ර භාරදුනි.
2019 වසරේ පාස්කු ඉරුදින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය කුමන්ත්රණය කිරීම, ආධාර අනුබලදීම, මිනී මැරීම, බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
.







