අත්තනගල්ලේ පිහිටි කුකුළු පැටවුන් බෝකරන ගොවිපොලක සේවයේ නිරතව සිටි දෙමළ තරුණයින් 05 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී කඩු 02 ක් කිණිසි 02 ක්, උල් පිහි 02 ක් සොයාගත් බව පොලීසිය සදහන් පවසයි. ඊට අමතරව මුහුණු ආවරණ ද හමුවී ඇති බව පොලිස් ආරංචි මාර්ගසඳහන් කරයි.
මෙම තරුණයින්ගෙන් සිව් දෙනෙක් යාපනයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු වවුනියාවේ පදිංචිකරුවෙකි. ඔවුන් අතර සහෝදරයින් දෙදෙනෙකුද සිටින අතර අවුරුද්දකින් ඔවුන් සිය ගම්බිම් බලා නිවාඩු ගෙන ගොස් නැත. විමර්ශණවලදී පෙනීෟ ගොස් ඇත්තේ මැදපෙරදිග රටක පුද්ගලයකු සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් ඔවුන්ට පැවති බවය.
අවුරුදු 21 , 22 සහ 24 වයස්වල පසුවන මොවුන් යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලියේ සාමාජිකයන් ද යන සැකයක්ද මතුව ඇත්තේ ගොවිපොලක සේවයට පැමිණ කඩු කිණිසි රැස්කරගත් නිසාය.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට ඔවුන් සම්බන්ද තොරතුරු ලැබී ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරුවන්ගේ වාර්තා බුද්ධි අංශවලින් මේ වන විටත් කැදවා ඇත.







