උපත් ආබාධ සහිත අවුරුදු 12 – 19 වයසේ පසුවන දරුවන්ට එන්නත් ලබා දීම හෙට(1) සිට දිවයින පුරා සියලුම රජයේ රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට කටයුතු කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි
දිස්ත්‍රික්ක පහක් තුල පමණක් මෙම එන්නත්කරණ වැඩපිළිවෙල මුලින් ආරම්භ කල අතර එහිදි සැලකිය යුතු ළමුන්පිරිසක් එන්නත ලබා ගත් බවත් ඒ කිසිදු ළමයෙකුට සංකූලතා කිසිවක් වාර්තා නොවූ බවත් සංගමයේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සඳහන් කරයි.
උපත්ආබාධයකින් හෝ නිදන්ගත රෝගයකින් කිසියම් දරුවෙකු පෙළෙන්නේ නම් වහාම ළගම පිහිටී රජයේ රෝහලක් වෙත ගොස් දරුවාට අදාල එන්නත ලබා දීමට කටයුතු කරන මෙන් වෛද්‍ය චන්න දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.







