බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස් රැකියාවට යන අයට ගුවන් ආසන මදි නම් විදෙස් යානා යොදවන්න – මුදල් ඇමති

by Lanka Sara Editor
සැප්තැම්බර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රැකියාවල නියුක්ත වීම සඳහා විදේශගත වීමට අපේක්ෂිතව සිටින පිරිස හට ගුවන් යානා ආසන පහසුකම් හිඟ වී ඇත්නම් අවශ්‍යතාවය පරිදි විදෙස් ගුවන් සමාගම් ද යොදා ගනීමින් මෙම ගැටලුව කඩිනමින් විසඳන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එම පිරිස මුහුණ දී ඇති ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන්නැයිද මුදල් අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

පසුගිය දා අරලියගහ මන්දිරයේ පැවැති විදේශ විනිමය ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දුනි.

විදේශ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්හට වැඩි ඉල්ලුමක් මේ වන විට ලැබී ඇත. එ බැවින් ඊට යොමු වීම සඳහා යම් බාධාවන් ඇත්නම් ඒවා හැකි ඉක්මණින් ඉවත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

විදේශ විනිමය ඉපැයීම සඳහා සුවිශේෂී කාර්ය භාරයක් විදෙස් ගත ශ්‍රී ලාංකීය ශ්‍රමික ප්‍රජාව ඉටු කරන බව මෙහි දී පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවන් කඩිනමින් සොයා බැලීමට උත්සුක වීම අදාළ අංශවල වගකීමක් බව ද වැඩි දුරටත් සඳහන් කළේ ය.

මෙරට නිෂ්පාදන අපනයනය කිරීම හා සේවා සැපයීම මඟින් විදෙස් විනිමය ඉපැයීම පිළිබඳ 2021 වසරේ අගෝස්තු දක්වා ලබා ඇති ප්‍රගතිය සහ එය තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි බලපා ඇති ගැටලු පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

ඒ අනුව රෙදි පිළි හා ඇගළුම්ල තේ, රබර් සහ රබර් නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන, වෙනත් අපනයන බෝග, මැණික් හා ස්වර්ණාභරණ සහ මුහුදු ආහාර ඇතුළු වෙළෙඳ භාණ්ඩ අපනයනයේ දී ළඟා කරගෙන ඇති ඉලක්කයන් පිළිබඳව මෙහි දී විමසා බැලීය.

ඒ අනුව පසුගිය වර්ෂයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ලද ආදායමේ මාසික සාමාන්‍යය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 840 ක් වූ අතර 2021 වසරේ මුල් මාස 8 තුළ එය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 986 ක් දක්වා වර්ධනය කරගෙන ඇති බව මෙහි දී අනාවරණය විය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද මේ වන විට රබර් සහ රබර් නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන අපේක්ෂිත ඉලක්කයන් සාර්ථකව ළඟා කරගෙන ඇති අතර අනෙක් අංශයන් ද කාර්ය සාධන මට්ටමට සමීප ව පවතී.

අපනයන ඉපැයීම් 2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාල කාලපරිච්ඡේදය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 7886 ක මට්ටමකට වර්ධනයට වූ අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ්ව 22.4% ක ඉහළ යාමකි.

ඒ ඒ අංශයන් වසංගතය හමුවේ මුහුණ දෙන ගැටලුකාරී තත්වයන් පිළිබඳව කරුණු ඉදිරිපත් වූ අතර ඒවා කළමනාකරණය කර ගනිමින් අදාළ කාර්ය සාධන මට්ටමට ළඟා වීමට අවශ්‍ය විසඳුම් පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහි දී සඳහන් කළේ නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීම ජනාධිපතිතුමාගේ හා රජයේ අරමුණ වන බැවින් ඊට ප්‍රමුඛතාවය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි. අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින් ආර්ථිකය ශක්තිමත් කරන අතර ම රට තුළ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු ද අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සතියක් තුළ සිදුවූ කොවිඩ් මරණ 1435 අතර එන්නත් මාත්‍රා දෙකම ගත් 183ක්!

Next Post

තවත් කොවිඩ් මරණ 144ක්..

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.