වර්ෂාවත් සමග හමා ගිය දැඩි සුළඟ හේතුවෙන් ඊයේ (29) සවස ගම්පහ, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්වල පුද්ගලයින් 848ක් පීඩාවට පත් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, ජා ඇල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 152ක පුද්ගලයින් 730ක් ද කොළඹ හා කඩුවෙල කොට්ඨාස තුළ පවුල් 30කට අයත් පුද්ගලයින් 92ක් ද, රත්නපුර හා කුරුවිට ප්‍රදේශවල පවුල් 07කට අයත් පුද්ගලයින් 04ක් ද මෙසේ පීඩාවට පත් වී ඇතැයි වාර්තා වේ.
පුද්ගලයින් 04කට සුළු හානි සිදුවී ඇත. එක් නවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.