කීර්ති ප්‍රනාන්දු –
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාවල මිලි මීටර 100ට වැඩි ගිගිරුම් සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මීට අමරතව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් ඇති විය හැකි බවත් ඌව පළාත, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල සවස 2න් පසු ස්ථාන කීපයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සඳහන්ය.
එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ හා උතුරු මැද හා වයඹ පළාත්වලත්, හම්බන්තොට හා ත්‍රී කුණාලමලය දිස්ත්‍රික්කවලත් සළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 -50 පමණ වැඩි විය හැකි බව ද පෙන්වා දේ.
ගිගිරුම් සහිත තද වැසි ඇති වන විට තද සුළං හා අකුණු ඇතිවිය හැකි බැවින් ඒවායෙන් සිදුවන අනතුරු අවම කරගැනීමට සැලිකිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.