මහනුවර ඇසළ මහා පෙරහරට හා සම්බන්ධ කතරගම දේවාල පෙරහරට සම්බන්ධ වූ ශිල්පීන් 76 දෙනෙකුගේ අහඹු ලෙස කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක දී ඉන් 46 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි වාර්තා වේ.
පෙරහර නිමවීමෙන් පසු ඊයේ (21) සිදුකළ මෙම ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු කොවිඩ් වෛරසය ශරීරගතව තිබෙන බවට හඳුනාගත් පිරිස පෙරහර කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මහනුවර ජාතික රෝහලේ සහ මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශ මගින් පෙරහර මංගල්‍යයට සම්බන්ධවන කලාකරුවන් ඇතුළු පිරිස මසේ අහඹු ඇන්ටිජන් පරීක්ෂාකවට ලක් කර තිබිණි.
මෙම ශිල්පීන් සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ශිල්පීන්ය.