බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේක වසංගතයක්… වෛද්‍ය අංශ ඉල්ලනවා නම් රට වහන්න… මී පැණි පූජාවට පැමිණි වන්නිලා ඇත්තො කියති.

රටේ පවතින තත්වය අනුව තමන්ම කල්පනා කර නගර වසා දැමීම ඉතාම හොඳ ප්‍රවණතාවයක්...

by editor
අගෝස්තු 18, 2021
in පුවත්
මී පැණි පූජාව
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය හේතුවෙන් උද්ගතව තිබෙන අර්බුදකාරී අවස්ථාවේ පිළියමක් වශයෙන් රට වසන්නැයි සෞඛ්‍ය අංශ, වෛද්‍යවරු හා විද්වතුන් ඉල්ලීමක් කරන්නේ නම් මේ අවස්ථාවේ රජය කළ යුත්තේ එම ඉල්ලීමට ඇහුම්කන් දෙමින් යම්කිසි කාලසීමාවකට හෝ රට වසා දැමීම බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසති.

මහනුවර ඇසළ පෙරහැර මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහැර දින පෙර රජ දවස සිට සාම්ප්‍රදායිකව සිදුකෙරෙන මී පැණි පූජාව සඳහා සහභාගී වීමෙන් අනතුරුව ආදිවාසී නායකයා (18) මාධ්‍යය හමුවේ ඉහත අදහස් පළ කෙළේය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ආදිවාසී නායකයා මෙසේද කීය.

මේක ස්වභාවධර්මයෙන් ලෝකයටම දීලා තියෙන දඬුවමක්. මේ වසංගතයට ජාති, ආගම්, පාට, පක්ෂ භේදයක් නෑ. ලෝකයේ ඕනෑම බලවත් රටක ඉහළම පුද්ගලයාගේ සිට පහළම පුද්ගලයා දක්වා මේ රෝගයේ අවදානමට අද ලක් වෙලා ඉන්නවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අපේ ආදිවාසී පරම්පරාවේ පිරිසකටත්  රෝගය වැලඳිලා කියලා අපට දැනගන්නට ලැබී තිබෙනවා. මේ කාලයට අපේ අයට කැස්ස උණ වැනි රෝග හැදෙනවා. ඒ අයට හැදිලා තියෙන්නේ මේ සමාන්‍යයෙන් හැදෙන රෝග තත්ත්වය ද එසේ නැත්නම් කොරෝනා රෝගය ද කියලා අපට තවමත් නිශ්චිත නෑ.

රජයට, සෞඛ්ය අංශ හෝ ආරක්ෂක අංශ වලට මේ වසංගත රෝගය තනිවම පාලනය කරන්න බෑ.  රටේ ජනතාව විනයගරුකව සෞඛ්‍යය නීති රීති වලට ගරු කරලා ඊට අනුගත වෙලා කටයුතු කළොත් තමයි මේ තත්ත්වය යම් තරමකට හෝ පාලනය කරන්න පුළුවන්.

අපි දැක්කා රජයෙන් නීති පනවන්න ඉස්සරවෙලා පවතින අවදානම් තත්වය තේරුම් අරගෙන බොහෝ නගරවල ව්‍යාපාරිකයෝ ස්වයං වාරණයකට එළඹිලා තම ව්‍යාපාර වසා දැමීමට තීරණය කොට ඇති ආකාරය. මේක ඉතාමත් හොඳ ප්‍රවනතාවක්. රජයට හෝ වෙනත් අංශවලට දොස් කිය කියා ඉන්නවාට වඩා තමන්ම තත්වය තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒක ඉතාමත් හොඳයි.

වෙනත් අවුරුදු වල නම් මේ මී පැණි පූජාවට අපේ පරම්පරාවේ සීයක් විතර සහභාගි වෙනවා. නමුත් අද රටේ පවතින තත්වය හේතුවෙන් අපි අද දහදෙනෙක් විතර කණ්ඩායමක් විතරයි මේ පූජාවට ආවේ. මේ ආපු සියලුදෙනාම එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙනවා. මොන වසංගත ආවත් පැරණි චාරත්‍ර අප ඒ ආකාරයෙන්ම ඉටු කළ යුතුයි.“

යනුවෙන් ද හෙතෙම වැඩිදුරටත් කීය.

මෙම අවස්ථාවට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල   ඇතුළු පිරිසක්ද සහභාගී වූ අතර චාරිත්‍රානුකූලව ආදිවාසී ජනයා වෙත තෑගි බෝග ලබා දීම සිදු විය..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාවනැල්ලේ තස්ලිම්ට ආණ්ඩුවෙන් ලක්ෂ 25ක්

Next Post

ඇවරියවත්තේ එන්නත් මධ්‍යස්ථානයකට බඹර ප්‍රහාරයක්… සියල්ලන් හිස් ලූ ලූ අත පලා ගිහින්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.