කොවිඩ් ආසාදිත රොගීන්ට නිවෙස්වලට ගොස් ප්‍රතිකාර ගැනීම සඳහා පුහුණුව ලත් වෛද්‍ය සිසුන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා අවසන් වසරේ විභාගය සමත් සිසුන් 400ක් පුහුණු කර ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කියයි.
මේ වනවිටත් එම සිසුන් හඳුනාගත් ප්‍රදේශවල නිවෙස් තුළ ප්‍රතිකාර ක්‍රමය සඳහා අනුයුක්ත කර ඇතැයි ද වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට 4000ක් පමණ රෝගීන් පිරිසක් කොවිඩ් ආසාදිතව නිවෙස් තුළ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.
ඔවුන් අතරින් සියයට 05ක් පමණ පිරිසකට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදු වී ඇති බව එම ප්‍රකාශකයා කීය.







