දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාම සහ රෝහල් ධාරිතාව ඉක්මයාම පාලනය කිරීම සදහා සංකූලතා නොමැති අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරිම අද සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.
ඒ අනුව අවුරුදු 2 ත් 65 ත් අතර සංකූලතා නොමැති රෝග ලක්ෂ පෙන්වන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා ආසාදිතයින්ට වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස් තුළදී ප්‍රතිකාර කිරීමට නියමිය.
ඒ සදහා පැය 24 පුරා ක්‍රියාත්මක 1390 නම් ක්ෂණික දුරකතන අංකයක්ද හදුන්වා දී ඇත.
1390 අංකය ඇමතන රෝගීන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දෙමින් රෝගීන් කළමණාකරණය කිරීමට සැලසුම් කර තිබේ.