බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිරන්තිගේ සහයෙන් ලොව දකින්න වරම් ලැබූ ජීවන්ත අගමැති හමුවෙයි

by Lanka Sara Editor
ජූලි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මැදිහත් වීම මත ලොව දකින්නට වාසනාව උදාකරගත් උපතින්ම දෑස් පෙනීම අහිමිව සිටි ගලෙන්බිඳුණු වැව, පලුගොල්ලෑගම ජීවන්ත රත්නායක දරුවා අද (28) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

දහතුන් වියැති ජීවන්ත රත්නායක දරුවා ඇසක් ඉල්ලා නගන හඬ සමාජ මාධ්‍යජාලා ඔස්සේ දකින රෝහිත රාජපක්ෂ මහතා පළමුව ඒ බව දයාබර මව, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුවත් කර තිබිණි.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආර්යාව ඇසක් ඉල්ලන මෙම දරුවාගේ පිහිටට ඉදිරිපත් වූවාය.

පළමුව දරුවා කොළඹට ගෙන්වාගෙන මෙරට සිටින දක්ෂතම මෙන්ම ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍යවරයෙකුට යොමු කරන අග්‍රාමාත්‍ය ආර්යාව ජීවන්ත රත්නායක දරුවා කොළඹ දී පරීක්ෂණ ගණනාවකටම යොමු කළාය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එම පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඇසක් බද්ධ කිරීමකින් තොරව මේ දරුවාගේ එක් ඇසකට පෙනීම ලබා දීමට හැකි බවට වූ විශේෂඥ වෛද්‍ය නිර්දේශ අනුව ප්‍රතිකාර ආරම්භ විය.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සියලු බර පැන දරමින් අවස්ථා කිහිපයක දී දරුවා කොළඹට ගෙන්වා අවශ්‍ය ප්‍රතිකාර කළාය.

ජීවන්ත රත්නායක දරුවාට ලොව දකින්නට වරම් උදාවූයේ ඒ අනුවය.

අග්‍රාමාත්‍යතුමා හමුවීමට පැමිණි සිය පුතණුවන් පිළිබඳව ඔහුගේ පියා ඒ. සුගතපාල මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

“දරුවාගේ ඇස් උපතින්ම පෙනුණේ නැහැ. ඒ නිසා පුතා ගොඩක් අපහසුතාවලට පත්වුණා. අපි හරි දුප්පත් අපිට දරුවගේ ඇස් සනීප කරගන්න තරම් වත්කමක් නැහැ. මේ අතරතුර තමයි ශිරන්ති රාජපක්ෂ මැතිනිය මගේ පුතාගේ ඇස් දෙක සනීප කරන්න උදව් කරන්න ඉදිරිපත් වුණේ.

පසුව එතුමිය කොළඹ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකුට පුතාව යොමු කරලා බෙහෙත් කරන්න පටන් ගත්තා. කියන්න සතුටුයි දැන් මගේ පුතාට ඇස් පේනවා. බයිසිකලේ අරගෙන ගේ වටේ
පැදගෙන යනවා. පොත් බලනවා. දැන් පුතා එයාගේ වැඩ තනියම කරගන්නවා. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. පුතා අනුරාධපුර රියන්සි අලගියවන්න විශේෂ පාසලේ ඉගෙනගන්නවා. මේක මහා උතුම් පුණ්‍යකර්මයක් ” යැයි සුගතපාල මහතා සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගෝස්තුවෙන් පසු පුද්ගලික බස්රථවල ගමන් කළ හැක්කේ එන්නත් දෙකම ලබාගත් අයට පමණයි…

Next Post

ආණ්ඩුවට ඇති භාණ්ඩාගාර බිල්පත් බර ට්‍රිලියනය පන්නයි

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.