දිගු කලක් තිස්සේ ඉන්දියාවට පැන ගොස් සිටින මෙරට නමගිය පාතාල සාමාජිකයකු වන කිඹුලාඇලේ ගුණා ඉන්දියාවේ සිට යළි මෙරට පාතාල ආධිපත්‍යය රැක කැනීම සඳහා කොළඹ මෝදර මට්ටක්කුලිය වැනි ප්‍රදේශයේ දැඩි සේ භීෂණය පතුරවමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඔහු මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරග කරන පොහොට්ටු අපෙක්ෂකයින් දෙදෙනකුට සහය ලබා දෙමින් සිටින අතර ඉන් එක් අයෙක් හිටපු නගරාධිපතිවරයෙක් බවත් අනෙක් තැනැත්තා වියත් පාර්ශවය නියෝජනය කරන සිංහල බෞද්ධ ජනපදනමේ ඡන්ද අපේක්ෂා කරන තැනැත්තෙක් බවත් වාර්තා වේ. කිඹුලා ඇලේ ගුණාගේ ගෝලබාලයින් මේ වනවිට මෙම අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යොදා ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
කිඹුලාඇලේ ගුණාගේ කොළඹ සියලු මෙහෙයුම් ඔහුගේ ප්‍රධාන සගයකු වන උක්කු පුතා නැමැත්තා විසින් සිදු කරනු ලබන අතර ඊයේ (24) සවස බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඔවුන්ගේ අණසකට යටත් නොවන පිරිසකට උක්කු පුතාගේ ගෝල පිරිසක් පහර දී ඇත.
මෙම පහර දීමෙන් තුවාල ලත් හය දෙනකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ඔවුන්ගේ මෙම ක්‍රියා පිළිවෙළ පිළිබඳ ව මේ වනවිට පොහොට්ටුවේම අපෙක්ෂකයන් දෙදෙනකු ජනාධිපතිවරයා වෙත සහ අගමැතිවරයා වෙත පැමිණිලි කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටින බව මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.