බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලඹේ දුම්රිය ගමන වෙනස්විය හැකි බව අමාත්‍යංශ ලේකම් කියයි

by Lanka Sara Editor
ජූනි 24, 2020 - Updated on ජූනි 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාලබේ සහ කොළඹ කොටුව අතර ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ හඳුනාගත් ගැටලු කිහිපයක් සඳහා විසඳුම් සෙවීම වෙනුවෙන් යම් ප්‍රමාදයක් විය හැකි වුණත් මෙම ව්‍යාපෘතිය වසර ගණනකින් කල් තැබීම පිළිබඳව කිසිදු අදහදසක් නැති බව නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි.

අද සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාද්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ මෙම ව්‍යාපෘතියේ මිනුම් කටයුතු පරිසර ඇගයීම් වාර්තා සහ ව්‍යාපාර සැලසුම් වාර්තා මේ වනවිට සකස් කොට අවසන් බවය. එහෙත් ඔහු පෙන්වා දෙන ආකාරයට එහි දැනට පවතින ගැටලුවක් ලෙස වර්තමාන රජය හඳුනාගෙන තිබෙන්නේ මෙම සැහැල්ලු දුම්රිය අංගනයක් මාලබේ මඳක් පසු කොට කඩුවෙල දෙසට වන්නට පිහිටන වගුරක් මත ගොඩ නැගීමට පවතින අදහස වෙනස් කිරීම පිළිබඳව මේ වනවිට සාකචඡා වෙමින් පවතින බවය. මෙම වගුරු බිමේ හෙක්ටයාර පනස් පහක පමණ අති විශාල කොන්ක්‍රිට් මණ්ඩපයක්  මත දුම්රිය අංගනය ඉදිකිරීමට සැලසුම් කර බවත් එය පාරිසරික වශයෙන් බලපෑම් ඇතිකරවන අතර කොන්ක්‍රිට් සඳහා අති විශාල වියදමක් යන හෙයින් නව යෝජනාව අනුව මාලබේ සිට අතුරුගිරිය දක්වා මාර්ගය දීර්ඝ කොට ඊට සාපෙක්ෂව අඩු මිලකට දුම්රියව අංගනය ඉදිරිකීම පිළිබඳව අවධානය යොමුව ඇති බවය.

එසේම පසුගිය රජයේ එකඟ වූ නිර්මාණයට වඩා වෙනස් නිර්මාණයක් පිළිබඳව ද අදහස් පැමිණ ඇති අතර මේ පිළිබඳවද සලකා බැලෙමින් පවතින බව ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සඳහන් කළේය.

දැනට මෙම ව්‍යාපෘතියට අදාළ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදුවන බවත් මෙම කටයුතු අවසන් වීමට අවම වශයෙන් ලබන වසරේ මැයි මාසය පමණ වනු ඇති බවත් පෙන්වා දුන් අතර කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය ඉලක්ක ගත කාලය තුළ අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද පැවසීය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන සමස්ත මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් පමණ වන අතර එයින් ඩොලර් බිලියන 1.8ක් ජපාන ජයිකා ආයතනයෙන් ලැබෙන බව පෙන්වා දුන් ලේකම් ආචාර්ය වික්‍රම පවසන්නේ රජයෙන් මෙම ණය මීට වඩා ඵලදායී ලෙස උපයෝගී කර ගැනීම පිළිබඳවද අදහස් යොමු ව ඇති බවය. ඒ අනුව ඉදිරියේදී මෙය රාජ්‍ය පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කිරීම පිලිබඳව අවධානය යොමු කර ඇති බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම ජපාන ජාත්‍යන්තර සහයෝගීතකා නියෝජිතායතනය මෙරට ඉදිරි ව්‍යාපෘති සඳහා මුදල් ලබා දීම අත්හිටුවා ඇති බවට පළ වූ වාර්තාවල හෝ මාලබේ සහැල්ලු දුම්රිය පිළිබඳව පළ වූ වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද සඳහන් කළ අමාත්‍යංශ ලේකම් පආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ජයිකා ආයතනය අඛණ්ඩව මෙරට ව්‍යාපෘතිතිවලට ආධාර කරනු ඇතැයි ප්‍රකාශ කළේය.

 

Tags: නවතම
Share72Tweet43
Previous Post

“ලෝක කුසලානය පාවාදුන් බවට සාක්ෂි නැහැ”

Next Post

ලංකා ලුණු සමාගමට ලාබ පෙන්නන්න ජනපති වසරක් දෙයි

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.