අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වත්මන් කැබිනට් මණ්ඩලය නීත්‍යානුකූලද?

by Lanka Sara Editor
ජූලි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූ සමයේ තේරීපත් වී ජනාධිපති ධූරයේ දිව්රුම් දෙන ලදී. එසේම 2020.08.05 දින පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද්දේත් 19 ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන යටතේ වන අතර එමෙන්ම මහනුවරදී 2020 අගෝස්තු 12 දින දිවුරුම් දෙන ලදී. ඒ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේය.

ඉන් පසු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගනිමින් 2020 ඔක්තෝබර් මස 29 දින කථානායක සහතිකය යොදා ඇත.

ඒ අනුව 2020 ඔක්තෝබර් 29 දින සිට 19 ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ කොටස්වල ක්‍රියාකාරීත්වය 20 වන සංශෝධනයෙන් වෙනස් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII පරිච්චේදයත් එසේ සංශෝධනය වූ පරිච්චේදයකි. එනම් අමාත්‍ය මණ්ඩලයට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII වන පරිච්චේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර අලුත් පරිච්චේදයක් ඇතුලත් කිරීමට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 7 වන වගන්තිය මගින් සිදුකර ඇත. ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අලුත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII වන පරිච්චේදයයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

දැන් පැන නගින ගැටලුව වන්නේ මහනුවරදී 2020 අගෝස්තු 12 දින දිවුරුම් දුන් ඇමතිවරුන් එනම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දිව්රුම් දුන් ඇමතිවරුන් ස්ව්‍යංක්‍රීයවම 2020 ඔක්තෝබර් 29 දින සිට එනම් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇමතිවරුන් වන්නේද යන්නයි. එය එසේ නොවේ. මන්ද යත් 20 වන සංශෝධනයෙන් ඇතුළත් වූ 53 වගන්තිය නිසා නැවත ඇමතිවරු දිව්රුම් දීම කළ යුතු වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්කාලීන විධිවිධානවලින් විනිසුරුවරුන්ගේ සහ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්ගේ ධූර ආරක්ෂා කර තිබුණත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත්වූ ඇමතිවරුන්ගේ ධූර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සාංශෝධනයේ අන්තර්කාලීන විධිවිධානය මගින් ආරක්ෂාකර නැති බවත් 20 වන සංශෝධනයේ 58 වගන්තිය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 ව්‍යවස්ථාව අනුව ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කරගත් ලෙස සැළකිය යුතු බව දක්වා තිබුණත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “අමාත්‍ය මණ්ඩලය” පරිච්ඡේදයම සංශෝධනය කර අලුතින් ඇතුල්කර ඇති හෙයින්, ඊට පෙර සිටි 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් වූ සහ දිව්රුම් දුන් ඇමතිවරුන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුත් ඇමතිවරුන් ලෙසම සැළකීමට අන්තර්කාලීන වීධිවිධානයක් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 58 වන වගන්තියේ නොදැක්වෙයි.

ඒ අනුව පැහැදිලි වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දිව්රුම් දුන් ඇමතිවරු හැර 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් පමණක් දිව්රුම් දුන් ඇමතිවරු සහ අගමැතිවරයා සම්බන්ධයෙන් බලවත් නීතිමය දෝෂයක් පවතින බවයි.

සම්පූර්ණ ඇමති සංශෝධනයක් කරන්නේ අගමැති සහ ඇමතිවරු 20 යටතේ දිව්රුම් දීමට සළස්වා 2020 ඔක් 29 සිට 20වන සංශෝධනයට පටහැනිව යන රාජ්‍ය සේවය නීතියට ගැනීමට බව සමාජයට නුදුරේදී පැහැදිලි වනු ඇත.

 

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
(සමායෝජක)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරුවරු හෙට සිට ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය කරති…

Next Post

වනජීවියෙන් ගොඩගන්න එන විට ඇතින්න පැටියා සමග වලෙන් ගොඩවී යන්න ගිහින්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.