අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් චක්‍රලේඛන ඉංග්‍රීසියෙන් විතරයි… මේ මානසිකත්වය මොකක් ද?. පී.එච්.අයි මහත්තුරු අසති..

ගමේ මිනිස්සුන්ට ඉංග්‍රීසි චක්‍රලේඛණ පෙන්වා නීතිය ක්‍රියාත්මක කරන්න යන පී.එ.එච්.අයි මහත්තුරුන්ගේ අත්දැකීම...

by editor
ජූලි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නිරෝධායනය හා කොරෝනා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන චක්‍රලේඛන සියල්ලම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිරීම නිසා මේ වනවිට සිදුවන කොවිඩ් රාජකාරිවලින් අඩක් ඇණ හිට ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

කොවිඩ් මර්ධනයට අදාලව මේ රටේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන චක්‍රලේඛනවල අරමුණ එම උපදෙස් ප්‍රායෝගිකව බිම් මට්ටමේ ක්‍රියාත්මක කිරීම නම් ඒවා සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන් තිබීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු උසාවියක වුවත් නීතියක නිශ්චිත අර්ථ නිරූපණය ලබා ගන්නේ සිංහල භාෂාවෙන් එන ලේඛනයෙන් බව පෙන්වා දෙති.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන චක්‍රලේඛණ නීතියක් බවට පත් වන බව ප්‍රකාශ කර තිබිය දීත් එම චක්‍රලේඛන ඉංග්‍රීයෙන් පමණක් නිකුත් වීමේ අර්ථය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මෙන්ම සෞඛ්‍ය ඇමතිනියගෙන් ද විමසූ නමුත් තවමත් නිශ්චිත පිළිතුරක් ලබා දී නැති බවත් මෙම ක්‍රමවේදය වෙනස් කර නැති බවත් ඔවුහු කියති.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මහජන සෞඛ්‍යපරීක්ෂකවරුන්ගේ සංගමයේ සංගමයේ උප සභාපති එස්.ඒ.ටී.යූ. කුලතිලක ලංකාසරට පැවසුවේ මේ වනවිට රාජකාරිවල වේගය අඩකින් අඩු වී ඇති බවය.

“ මේ ගැන අපි සෞඛ්‍ය ලේකම් වරයාට දැන්වුවා. සෞඛ්‍ය ඇමතිනියට දැන්නුවා. මේ මිනිස්සු වැඩවසම් මානසිකත්වයකින් තමන්ගෙ ආධිපත්‍ය තියාගෙන යන්න කරන බාල වැඩවලින් අවසානයේ දි කොවිඩ් මර්ධනය කියන ඉලක්ක අරමුණයි විනාශ වෙන්නේ.“

“ පී.එච්.අයි. ල වගේම මේ චක්‍රලේඛයක් පැහැදිලි කරගන්න යනකොට වෛද්‍යවරුත් අර්බුදයකට යනවා. මගෙ අත්දැකීම නම් එකම චක්‍රලේඛය හතර දෙනෙක් කියවලා අර්ථ කථනය කරන්නෙ හතර විදිහකට. එහෙම ගිහින් ක්ෂේත්‍රයෙ වැඩ කරන්නෙ කොහොම ද?. මේක මිනිස්සුන්ගෙ ජීවිත එක්ක කරන ගනුදෙනුවක්. මේ අවුලට බිම් මට්ටමේ රාජකාරි කරන අපි දාන්නෙ ඇයි කියන එක අපි සෞඛ්‍ය බලධාරීන්ගෙන් අහනවා.“

“ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමෙයි.. සිංහලෙන් දෙමළ භාෂාවෙන් චක්‍රලේඛන නිකුත් කිරීම මදි කමක් ද?. වෙන ප්‍රශ්නයක් තියනව ද?. මේක නිවැරදි කරන්න කියන එක කරන්නෙ නැත්තෙ ඇයි?. නිරෝධානයන කරන්නෙ මෙන්න මේ චක්‍රලේඛනයෙ මේ වගනිත්ය යටතේ කියලා ඉංග්‍රීසි චක්‍රලේඛනයක් ගමේ මිනිහෙකුට පෙන්නුවම අපිට ඇතිවෙන තත්වය මොනවගේ ද කියලා ඔබ හිතා ගන්න. ගුටි නොකා එන්නෙ අමාරුවෙන්. “

“අපේ නිලධාරීන් බහුතරයකටත් විශාල ඉංග්‍රීසි නිපුණත්වයක් නැති වෙනකොට ගමේ මිනිහෙකුට මේ චක්‍රලේඛන පෙන්වලා උපදෙස් දෙන්න නියමවීම ම අවුලක්. මරණීය ව්‍යසන අස්සෙ බලධාරීන් විහිළු කරන්න හොඳ නෑ“
උප සභාපතිවරයා පැහැදිලි කළේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනෙට හිරිහැර කිරීම වානේ තාප්පෙක හිස ගසාගැනීමක් – ජනපති කියයි

Next Post

STF කණ්ඩායම් 05ට සොයාගත නොහැකිවූ වධක කපුවා පොලිසියට භාර වේ

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.