බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුමින්දගේ ජනාධිපති සමාවට අදාළ වාර්තා සහ නිර්දේශ වහා ප්‍රසිද්ධ කරන්න – සජබ තරුණ නීතිඥයින්ගෙන් ජනපතිට ඉල්ලීමක්

by Lanka Sara Editor
ජූනි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට විශේෂ ජනාධිපති සමාව ලබා දීමට අදාල වාර්තා සහ නිර්දේශ වහාම ප්‍රසිද්ධ කරන ලෙසත් ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධ ක්‍රමවේදය මහජනතාවට වගකිය්න අන්දමින් සංශෝධනය කරන ලෙසත් සමගි තරුණ බලවේගයේ සමගි නීතිඥ එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

ඒ සම්බන්ධයෙන් එම නීතිඥ එකමුතුව නිකුත් කොට ඇති විශේෂ මාධ්‍ය නිවේදනය මෙසේ ය.

“මරණ දණ්ඩණයට නියමවී සිටි හිටපු පා.ම දුමින්ද සිල්වාට ඊයේ (24) දින ජනාධිපතිවරයාට නීතියෙන් හිමිව ඇති බලය දැඩි ලෙස අවභාවිතා කරමින්, රටේ නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්ති මුලධර්මයන් පිලිබඳ කිසිඳු තැකීමක් සිදුනොකොට විශේෂ ජනාධිපති සමාවක් ලබා දීම තරුණ ප්‍රජාව ලෙස අප දැඩි ලෙස හෙලා දකිනෙමු. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වන වගන්තිය යටතේ පුර්ණ හෝ කොන්දේසි වලට යටත්ව සමාවක් ප්‍රධානය කිරීමට ජනාධිපතිවරයා හට බලයක් හා අභිමතයක් තිබුණද එය අවභාවිතා කිරීමට කිසිඳු ජනාධිපතිවරයෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැත.

ජනාධිපති සමාව ලබාදීම සඳහා දහස් ගණන් මරණ දණ්ඩණයට නියමවුවන් අතරින් දුමින්ද සිල්වා තෝරාගත් පදනම අතිශය ප්‍රශ්ණ සහගතය. එය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස දුමින්ද සිල්වා සමඟ කටයුතු කිරීමේදි පැවැති සුවිශේෂි සම්බන්ධතාවයද යන්න මතුවන පැනයකි.
ජනාධිපතිවරයෙක් ජනාධිපති සමාවක් ලබාදීමේදි ව්‍යවස්ථාවේ 34(1) ප්‍රතිපාදනයන්ට යටත්ව අනුගමනය කල ක්‍රමවේදයක් පැහැදිලිව දැක්වේ. එම ක්‍රමවේදයට අනුව මරණ දඬුවම නියම කළ විනිසුරුවරුන්ගෙන් ලබා ගන්නා ලද වාර්තාව, නීතිපති උපදෙස් වෙත යොමු කොට නීතිපති නිර්දේශය සහිතව අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කළ යුතුය. අමාත්‍යවරයා විසින් තම නිර්දේශය ජනාධිපතිවරයා වෙත ලබා දිය යුත්තේ ඉන් අනතුරුවය.
මෙහිදී මෙම ක්‍රමවේදයට අනුගතව කටයුතු කර නොමැති බව පෙනෙන්නට ඇති අතර ඒ පිළිබදව නිවැරදිව දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රමවේදයට පිටින් යම් හිටපු ජනාධිපතිවරු සේම සහ වත්මන් ජනාධිපතිවරයාද තමාට පැවරී ඇති බලය අවභාවිතා කරමින් ජනාධිපති සමාව ලබාදී ඇත්තේ තමන්ගේ තීරණයට එරෙහිව අභියෝග කරන්නට කිසිවෙකුටත් හැකියාවක් නොමැති යන ඒකාධිපති පාලකයකුගේ අධි මානසිකත්වය නිසාවෙන්මය.

රටක ජනතාව සේම පාලකයන්ද එකසේ රටේ පවතින නීති රාමුවට යටත් විය යුතු අතර , සැමට එක සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතුය. එය රටේ යහපැවැත්මට අත්‍යවශ්‍ය අංගයකි.

එක රටක්- එක් නීතියක් යන්න තම ප්‍රතිපත්තිය බව සෞභාග්‍යයේ දැක්ම තුලින් ප්‍රකාශ කරමින් බලය ලබා ගන්නා ලද වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අද අත්තනෝමතිකව තම සගයින් ‘නිදොස් කොට නිදහස් කිරීම’ සිය ප්‍රමුඛ තේමා පාඨය කරගැනීම පිලිබඳ සමස්ථ ප්‍රජාව තුල ඇත්තේ දැඩි පිලිකුළකි.

නීතියේ ආධිපත්‍යය හෑල්ලු කරමින් ජනාධිපති සමාව දීම සාධාරණීකරණය කරන ආණ්ඩුවෙන් අපට ඇසීමට ඇත්තේ නීතිය යනු ජනපති නම් – කුමට ‍මෙරට අධිකරණය – නීතිය හා විනිසුරන් යනුවෙනි.

දුමින්ද සිල්වා වැනි වැරදිකරුවන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන මෙම සුවිශේෂි වරප්‍රසාදය ලබා ගැනීමට හැකිවන්නේ දේශපාලනික , ආර්ථික හා ‍බලයක් සහිත පාර්ශවයන්ට පමණක් බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.

තවදුරටත් රටේ පුරවැසියන් ලෙස අපට මෙ⁣ම තත්වය අනුමත කල නොහැකිය.
දේශපාලන ආධාරකරුවන් රැකගැනීමේ අවියක් ලෙස භාවිතා කරන ජනාධිපති සමාව අවම ලෙසවත් යුක්තිසහගත ලෙස ක්‍රියාවට නොනඟන තත්වය තුල මෙ⁣ම ක්‍රමවේදය වහාම වෙනසකට ලක් කල යුතුව ඇත. මෙම ක්‍රමවේදය මහජනතාවට වගකියන ක්‍රමවේදයකට අනුව සංශෝධනය කරන ලෙස අප රජයට බල කර සිටිමු.
සමස්ථ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය කෙරෙහිම පවතින විශ්වාසය පළුදු කර ඇති මෙම ⁣තත්වයට අදාල වාර්ථා හා නිර්දේශ වහාම ප්‍රසිද්ධ කරන ලෙස අප රජයට බල කර සිටිමු. මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව සිදුකරන අපගේ අරගලය ජයග්‍රහණය කරවීමට පෙරට එන ලෙස සමස්ථ තරුණ ප්‍රජාවගෙන් හා රට වැසියන්ගෙන් අප ඉල්ලා සිටිමු. ”

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

තරුණ නීතිඥ එකමුතුව
සමගි තරුණ බලවේගය

Share69Tweet43
Previous Post

එන්නත්වලට ඔරොත්තු නොදෙන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ඉන්දියාවෙන් හමුවීමත් සමග අපේ සැලසුම…

Next Post

අලි හොරකමක් අල්ලන්න රැක සිට වනජීවී නිලධාරීන්ට හමුදා මේජර් ජනරාල් මරණීය තර්ජන කර පහර දෙයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.