මාස තුනක් තුළ කෘෂි කර්ම අමාත්‍යාංශයේ දෙවන ලේකම් වරයාත් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
මේ වනවිට අමාත්‍යාංශ ලේකම්වරයාව සිටි එම් බී රෝහණ පුෂ්පකුමාර එම ධුරයෙන් මෙසේ ඉල්ලා අස් වී තිබේ.
මෙම ඉල්ලා අස්වීමට හේතුව රට තුළ ඇති වී ඇති පොහොර ප්‍රශ්නයට ප්‍රායෝගිකව මුහුණ දීමට නොහැකි බව රජයට දැන් වූ නමුත් රජය එය ප්‍රතික්ෂේප කිරීම හා ශාක ආරක්ෂණ පනතට පටහැනිව චීනයෙන් කාබනික පොහොර ආනයනයට එකඟවීමට පරිපාලන නිලධාරියෙක් නොහැකි වීම බව වාර්තා වේ.
චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමේ දී ඇතිවිය හැකි ගැටලුව සම්බන්ධව පසුගිය කැබිනට් මණ්ඩලයේ ද දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව වාර්තා වේ.
ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බව දැනගන්නට ඇත.
මීට මාස තුනකට පෙර හිටපු කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාත් හදිසියේ සිය තනතුරින් ඉල්ලා අස් විය..