බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ලෝක අවධානයට ලක්විය යුත්තේ ඇයි ?

by editor
මැයි 12, 2021
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter
  • කොවිෂීල්ඩ් මාත්‍රා දෙකම ගත් අයටත් ආසාදනය වෙලා!

  • පැතිරෙන වේගය ඉතා ඉක්මන්!

  • දැනටමත් රටවල් 40කට ගිහින්!

  • හැදෙන අයට බලපෑම වැඩියි !

කොවිඩ් වසංගතයේ මාරාන්තික මුහුණුවර ඉන්දියාවට අවබෝධ කර දුන්නේ එරට මේ වනවිට හමායන දරුණු කොවිඩ් දෙවන රැල්ලය.  මේ රැල්ල පසුපස සිටින බව පැවසෙන්නේ තම මුල් ජානමය ස්වරූපයෙන් තරමක් වෙනස් වු කොවිඩ්  වෛරස ප්‍රභේදයකි.  B.1.617 ලෙසින් හැඳින්වෙන මෙම වෛරස ප්‍රභේදය ඊයේ (10) ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දුන්නේ මේ මොහොතේ ලෝකයේම අවධානයට ලක් විය යුතු කොවිඩ් ප්‍රභේදය ලෙසය. එයට හේතුව එය ඉතා වේගයෙන් පැතිරීමත් සෙසු ප්‍රභේදවලට වඩා මරාන්තික තත්ත්ව නිර්මාණය කිරීමත් නිසාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් පාලනය සම්බන්ධ ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් කර්කෝව් පවසන්නේ මේ කොවිඩ් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන බව තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි මේ වනවිට ලැබී ඇති බවය. පසුගිය ඔක්තෝබර් මාසයේදී මුලින්ම මෙම ප්‍රභේදය ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේදී  හඳුනා ගැනුණු අතර ඉන්දියාවේ මරණ සංඛ්‍යාව වැඩි වීමට සෘජුවම හේතු වූයේ මෙම වයිරසය බව  ඔවුහු පවසති.

මෙම වයිරසය මේ වනවිට රටවල් 40ක පමණ පැතිර ඇත. ශ්‍රි ලංකාවද මෙම වයිරස ප්‍රභේදය මේ වනවිට රට තුළට දමාගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරුන්වන ඉන්දියානු ජාතික ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වූ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසන්නේ ඉන්දියාව බිමට වැට්ටුවේ මෙම ඉන්දියානු වෛරස ප්‍රභේදය බවය. මෙම වයිරසයේ ජාන සැකැස්ම සුළු වශයෙන් පමණක් වෙනස් කර ගත් උප ආකාර ත්‍රිත්වයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ. එයින් වැඩි අවධානයක් යොමුව ඇත්තේ බ්‍රිතාන්‍යයේ හමුවන B 1.617.2 උප ප්‍රභේදයයි. එය ඉන්දියානු ප්‍රභේදයෙන් වෙනස් වන්නේ ඉතා සුළු වශයෙනි.

පසුගිය කාලයේ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව ප්‍රභේදය සමඟ සසඳන කල මෙය ඊටත් වඩා වැඩි වේගයෙන් පැතිරෙන අතරේ ඉතා වැඩි වේගයෙන් රෝග ලක්ෂණ උග්‍රකරවීමට සමත්  ආකාරයකි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එන්නත් සදහා වාරය එනතුරු… ප්‍රයාග්‍රාජ් හි එන්නත් සඳහා පෝලිම් ගැසී සිටින මිනිස්සු

මේ වනවිට ලෝකයේ වසංගත රෝග විශේෂඥයන් දරුණුතම වෛරස ප්‍රභේද ලෙස හඳුන්වන්නේ බ්‍රිතාන්‍යෙයන් හමුවූ B 1.1.1.7 ප්‍රභේදය, බ්‍රසීලයේ P 1 , දකුණු අප්‍රිකාවේ B 1.351.1 ප්‍රභේද සහ මෙම ඉන්දියානු ප්‍රභේදයයි.

අප පසුගිය වසරේ කොවිඩ් පාලනය සඳහා දැඩි නීති රීති සංචරණ සීමා හෝ ඇඳිරි නීති පවතින විට පාලනය කරන්නට උත්සාහ කළ වෛරසයට වඩා මෙලෙස වෙනස් වූ  වෛරසය බලවත්ය. වෛද්‍ය බලධාරීන් මෙය වඩාත් අවධානයට ලක් කළ යුතු වෛරස ප්‍රභේද ලෙසින් හඳුන්වන්නේ මේ නිසාය.

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් දිල්ලියේ කොවිඩ් ආසාදිත සෞඛ්‍ය සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් සිදුකොට ඇති පර්යේෂණයෙන් ලැබී ඇති ප්‍රතිඵල සමාලෝචනයෙන් පැවසන්නේ ඉන්දියානු ප්‍රභේදය එන්නතෙන් ලබා දෙන ප්‍රතිශක්තිය හමුවේ නොසැලෙන තත්ත්වයක ලකුණු   පහළකරන බවය.

ඊටත් වඩා බරපතල තත්ත්වයක් පෙන්වන්නේ මෙම වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය ය. මීට සති දෙකකට කලින් ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රමුඛව පැතිරුණේ බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදයයි. එසේම බටහිර බෙංගාලයේ තවත් වෙනස් ප්‍රභේදයක් හඳුනා ගන්නට වෛද්‍ය පර්යේෂකයන්ට හැකි වුණි. දැන් ලෝකයම හොල්ලමින් රටවල් 40කට ව්‍යාප්ත වී ඇති මෙම නව ප්‍රභේදය මීට සති දෙකකට පෙර ප්‍රමුඛව තිබුණේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පමණි. එයින් පෙනී යන්නේ මෙම ඉන්දියානු ප්‍රභේදය ඉතා වේගයෙන්   ඉන්දියාව ආක්‍රමණය කර ඇති බවය.

ඉන්දියාව තුළ කොවිෂිල්ඩ් සහ කොවැක්සීන් එන්නත්කරණය වේගයෙන් ක්‍රියාත්මක වෙද්දී මෙම වෛරසය පැතිරීමෙන් ඇතැම් පර්යේෂකයන් සැක පහළ කරන්නේ මෙම ප්‍රභේදය එන්නත හමුවේ පසු නොබසින්නේද යන්න පිළිබඳවය. එසේ වුවද   මේ පිළිබඳව නිසි විද්‍යාත්මක සාධක සොයා ගන්නා තෙක්   නිශ්චිතව යමක් කීමට ඔවුහු මැළි වෙති.

මරණයේ වේදනාව

ස්ථාවරව සිටින්නට මෙම වෛරසයට පවතින ශක්තිය මත එය ලෝකයේ බොහෝ රටවලට තර්ජනයක් විය හැකි බව මේ වනවිට ඉන්දියානු විද්‍යාඥයින් ගණනාවක්ම අනතුරු අඟවනු ලැබ ඇත.

එසේම මෙහිදී බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ වෛරසවේද වෛද්‍ය රවීන්ද්‍ර ගුප්තා පවසන කරුණ අතිශයින්ම වැදගත්ය. ඔහු මෙම ඉන්දියානු ප්‍රෙභ්දය සම්බන්ධයෙන් වැඩිම පර්යේෂණ සිදු කොට ඇති දැනට සිටින විද්‍යාඥයා යයි කිවහොත් එය නිවැරදිය.

ඔහු පවසන්නේ තම විද්‍යාගාරයේදී සිදු කරන ලද පර්යේෂණවලදී පෙන්නුම් කර ඇති ආකාරයට මෙම වෛරස ප්‍රභේදය ඊට එරෙහිව නිපදවා ඇති ප්‍රතිදේහ හමුවේ නොනැසෙන සුළු, ඊට ඔරොත්තු දෙන තත්ත්වයක් පවතින බවය.

එසේම කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත විදගත් දිල්ලි සෞඛ්‍ය සේවකයන් ගණනාවකට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ ශරීර තුළ ආසාදනය වී තිබුණේද මෙම ප්‍රභේදයම බව ගුප්තා පවසයි. එසේ වුවද එන්නත්කරණය පිළිබඳව බලාපොරොත්තුව කිසිසේත් අත් නොහැරිය යුතු  බවට ඔහු අවධාරණය කරයි.ජර්මනියේ සිදු කෙරුණු පර්යේෂණයකින්ද අනාවරණය වී ඇත්තේ ෆයිසර් එන්නත විදගත් පුද්ගලයන් ගණනාවකගෙන් ලබා ගත් සීරම පරීක්ෂාවට ලක් කිරීමේදී ඔවුන්ගෙන් සියයට 67ක් පමණ මෙම එන්නත හමුවේ මර්දනය නොවන තත්ත්වයක් පවතින බවය.

මේ සියලු කරුණු මත ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් පවසන්නේ ඉන්දියානු කොවිඩ්  ප්‍රභේදය සම්බන්ධයෙන් මුළු ලෝකයම ඇස් ඇරගෙන සිටිය යුතු බවය. එන්නත් ගැන බලාපොරොත්තු අතහැරීමට තරම් ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි තවමත් ලැබි නොමැති පසුබිමක් තුළ හැකි තරම් එන්නත්කරණයට ලක් විය යුතු බවත් එය විශ්වාසයෙන් යුතුව ලබා ගත යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අමතර ඔක්සිජන් සිලින්ඩර 21000ක් ගෙන්වීමට යයි!

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබැරි ටාසන්ලා කළ හරිය ගැන ආනන්ද හිමියෝ කියති…

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.