දින හතරක සිට වැඩී වර්ධනය වන දිවුලපිටිය කොවිඩ් පොකුරට අද ( 23 ) සවස්වන විට තවත් ආසාදිතයන් 32ක් වාර්තා වූ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.කුලතිලක පැවසීය.
අද දින තුළ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් ආසාදිතයන් 14ක් ද ඉකුත් 21 දා කළ පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයන් 12ක් ද වෙනත් ස්ථානවල කළ පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයන් 6 දෙනෙක් ද වාර්තා වී තිබිණි.
මේ ආසාදිතයන් අස්වැන්නවත්ත, මැල්ලවගෙදර, ප්‍රදේශවල පදංචිකරුවන්ය.
මේ අනුව දින 04ක් තුළ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 137කි.







