කීර්ති ප්‍රනාන්දු –
දේශීය ජල තීරය ද ඇතුළුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර හා මාතලේ පරිපාලන දිස්ත්‍රික්ක තුළ මහජනතාවගේ ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවයා වෙත පැවරී ඇති බලත ප්‍රකාරව මෙම කැඳවීම කර ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.
ඒ අනුව හෙට සිට රටේ උක්ත ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැඳවා ඇත.







