සමන්තිකා වීරවර්ධන
සංචරණ සීමා පනවා හෝ රට වසා දමා කොවිඩ් තුන්වන රැල්ල පාලනය කිරිමට කටයුතු නොකළහොත් මෙරට ඉන්දියාවට දෙවනි නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.
දැනට රෝගයේ ඇතිවෙමින් තිබෙන ව්‍යාප්තිය දෙස බැලීමේදී ඉන්දියාවේ පවතින බරපතල තත්ත්වයක් මෙරට තුළද නිර්මාණය විය හැකි බැවින් එම අවදානම යම්තාක් දුරකට හෝ මගහරවා ගැනීමට මෙවැනි තීරණයන් ගැනීම ඉතාමත් වැදගත් යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ගන්නා මෙවැනි අසීරු කටයුත්තකදී ඊට ජනතාව අපහසුවෙන් හෝ මුහුණ දීමට කටයුතු කළහොත් පළමු කොවිඩ් රැල්ලට සාර්ථකව මුහුණ දීමට හැකි වූවාසේ හැකිවනු ඇතැයිද නැතහොත් අවදානම් තත්ත්වය සුලුකොට සලකා කටයුතු කළහොත් අප රට තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව හා ආසාදිත රෝගීන් සංඛ්‍යාවේ වාර්තාගත වැඩිවීමක් සිදුවීම නොවලැක්විය හැකි වනු ඇතැයිද ඔහු අනතුරු අගවා සිටියි.







