20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට මුස්ලිම් ඡන්ද අවශය නැති බවට නායකයා ප්‍රකාශ කර තිබූ පසුබිමක රජය එම සංශෝධනය සම්මත කර ගැනීමට මුස්ලිම් මන්ත්‍රිවරුන් සමඟ යම් ඩීල් එකක් දැමූ බවට තමන්ට සාධාරණ සැකයක් පවතින බව අගරදගුරු මැල්කම් කාිනල් රංජිත් හිමපාණන් පවසති.
එක්තරා පක්ෂයක නායකයා ඊට විරුද්ධව ඡන්දය දෙද්දී එම පක්ෂයේ මන්ත්‍රිවරුන් හත් දෙනකු 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දීම පසුපස තමන්ට යම් සැකයත් මතුව ඇති බව කොළඹ අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද අගදරගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමියන් මෙසේ ද පැවසූහ.
“ අපට කොහොමද මේ වෙනස ඇතිවෙන්නේ සාධාරණ සැකයක් කිබෙනවා යම් ආකාරයක ඩීල් එකක් තිබෙනවා. මේ සංශෝධනයට පෙර රිෂාඩ් බදූර්දීන්ගේ සහෝදරයා නිදහස් කළ වෙලාවේ මම කීවා. යම් ආකාරයක එකඟතාව මත තමයි මේ ඡන්දය දැම්මේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ෂණ මේ වගේ තත්ත්වයට දාන්න ගියොත් අපට සාධාරණයක් නොවන බව පැහැදිළියි. මේ ප්‍රහාරය කවුද කළේ? කවුද අනුග්‍රහනය දැක්වූයේ යන්නට තවම උත්තරයක් හමුවෙලා නෑ. ඒ ප්‍රශ්නයට උත්තර ලබා දිය යුතුයි. එක්කෙනෙක් දෙන්නෙක් මේ අය තමයි තියල දාල හරියන්නේ නෑ. නීතිපතිතුමාට අවශය ලියකියවිලි දුන්නා කියල අත පිහ දාගන්න බෑ වැරදිකරුවන්ට නිසි දඬුවම් දීම කඩිනම් කරන්න කියලයි අපි කියන්නේ.







