පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට කටයුතු කරන බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසීය.
සභාපති වජිර අබේවර්ධන මේ බව පැවසුවේ අද ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ය. වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තුව ගමන මේ වසර මැද දී සිදුවනු ඇති බව පැවසීය.
දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති මෙම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ පත්විය යුතු බවට පක්ෂයේ අපේක්ෂාවක් පැවති බව ද සභාපතිවරයා කීය.
වජිර අබේවර්ධන මීට පෙර අවස්ථා කීපයකම එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්විය යුතු හොඳම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර ද මාධ්‍යයට කියා තිබුණේ ජාතික ලයිස්තුවෙන් ලැබුණු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුරය හරහා රනිල් වික්‍රමසිංහ අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට එන බවය.







