අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

මෘදු කුසලතා සංවර්ධනය ළමා වියේදීම අරඹන්න - (තුන්වන කොටස)

by editor
අප්‍රේල් 6, 2021
in විනිවිද
Share on FacebookShare on Twitter

මෘදු කුසලතා ජීවිතය පවත්වාගෙන යෑමේදී කෙතරම් වැදගත් වේදැයි පළමු ලිපි දෙක කියවීමෙන් ඔබ වටහා ගන්නට ඇති. එසේම මෘදු කුසලතා පුහුණු කිරීමට හොඳම කාලය ළමා විය බව ඔබ ඒ සමගම තේරුම් ගන්නට ඇති. පුද්ගලයකුගේ ළමා වියේ ඉගෙනුම් පසුකාලීනව කෙතරම් ඔහුගේ ජීවිතය ඔපමට්ටම් කරමින් ආලෝකමත් කරන්නේද යන්න ඔබට තේරුම් යන්න ඇති.

මෙම ලිපියෙන් පුද්ගලයා සතුවිය යුතු තවත් වැදගත් මෘදු කුසලතාවක් පිළිබඳ කතා කිරීමට අදහස් කරමි. ධනාත්මකභාවය මෘදු කුසලතාවයයි.

ධනාත්මක භාවය

මිනිසකුගේ ජීවිතය සතුටින් ගලාගෙන යෑමට සහ ඉලක්ක හඹා යෑමට සහ තෘප්තිමත්ව ජීවීතය ගත කිරීමට අත්‍යාවශ්‍යම ජීවන කුසලතාවක් මෙන්ම මෘදු කුසලතාවක් ලෙසද ධනාත්මකභාවය හෙවත් ධනාත්මක චින්තනය  හඳුන්වා දිය හැකියි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ධනාත්මකභාවය යනු කුමක්ද?. සාමාන්‍ය ව්‍යවහාරයෙන් ධනාත්මකභාවය හඳුන්වා දිය හැකි හොඳම ආකාරය නම් පුද්ගලයා තමා සතු සම්පත් කෙරෙහි ඇති තෘප්තිමත්භාවය සහ ජීවිතය පිළිබඳ සුබවාදී ආකල්ප සහිත වීම බවයි.

එසේම ධනාත්මක චින්තනය යනු චින්තන ක්‍රියාවලිය වර්ධනයේදී පෙන්නුම් කරන ඉහළ අවධියක් වන අතර එය පුද්ගලයෙකු තමා  වටා ඇති සෑම දෙයකින්ම ප්‍රයෝජන ගැනීම මත පදනම් වේ. පුද්ගලයෙකුට තම ජීවිතය වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඔහු තමා විසින්ම එය ආරම්භ කළ යුතුය. එම ආරම්භයේදී ඔහු තමා සතුව ඒ මොහොතේ ඇති සම්පත් පිළිබඳව නිසි අවබෝධයක් තිබිය යුතුය. එපමණක් නොව එය නිසි කළමනාකරණයකින් යුතුව භාවිතා කිරීමට දැනුමක් තිබිය යුතුය.

ධනාත්මක චින්තනය පුද්ගලයෙකුට අත්කර දෙන වාසි සහගත අවස්ථා අතර අත්හදා බැලීම්, නව තොරතුරු ලබා ගැනීම් සහ ඔහු වටා ඇති ලෝකයේ අමතර අවස්ථාවන් පිළිගැනීම් දැක්විය හැකිය. පුද්ගලයා නිරන්තරයෙන් වඩාත් ආරක්ෂාකාරී පසුබිමක් වෙනුවෙන් පරිණාමය වන අතර කිසිදු බියකට ඔහුව වැළැක්වීමේ හැකියාව නැත. ධනාත්මක දේ කෙරෙහි අවධානය යොමු වී ඇති හෙයින්, අසාර්ථක වූ විට පවා, පුද්ගලයෙකු තමාටම ප්‍රතිලාභ සොයා ගන්නා අතර අසාර්ථක වීමේදී තමා ඉගෙන ගත් දේ ගණනය කරයි.

ධනාත්මක චින්තනයක් ඇති පුද්ගලයෙකුගේ ලක්ෂණ ඔහු වටා ඇති සෑම දෙයකම ධනාත්මක බව පමණක් දකින පුද්ගලයෙකුට පහත පරිදි සංලක්ෂිත විය හැකිය. සමහර විටෙක මෙය ආත්මාර්ථකාමී ලක්ෂණ ලෙස ඇතැමෙකුට පෙනෙන්නට හැකි නමුත් ධනාත්මක චින්තකයා සෑමවිටම සර්ව සුභවාදීව සිද්ධි සහ අවස්ථාත් භෞතික ලෝකයත් දෙස බැලීමත් මෙයට හේතුවක් විය හැකිය.

  • සෑම දෙයකම වාසි සහගත තත්වයන් විමසා බැලීම.
  • නව තොරතුරු ලබා ගැනීමට දැනුම යාවත්කාලීන කරගනිමින් ඉන් නව සංකල්ප ග්‍රහණයට ඇති කැමැත්ත ජීවිතය හිණිමගක යනවා මෙන් ඉහළට ගෙන යෑමට වැඩිදියුණු කිරීමට නොතිත් ආශාවක් ඇතිවීම
  • නැවුම් අදහස් නිර්මාණය සහ සැලසුම් කිරීම;
  • අපේක්ෂිත ඉලක්ක වෙත ළඟාවීමට වෙහෙස නොබලා වැඩකිරීමට ඇති ආශාව.
  • තමා වටා සිටින පුද්ගලයින් කෙරෙහි මධ්‍යස්ථ හා ධනාත්මක ආකල්පයන් පතුරුවාලීම.
  • තමාට වැදගත් වන ආදර්ශමත් භූමිකා නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම සැලකිල්ලට ගන්නා අතර ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වීම;
  • සැලසුම් කළ සියල්ල එම සැලසුම් සහගත ආකාරයට ක්‍රියාත්මක වන්නේ දැයි නිරන්තර සෝදිසිය.
  • තමාගේ මෙන්ම අන් අයගේ ජයග්‍රහණ කෙරෙහි සන්සුන් ආකල්පයක් දැරීම
  • චිත්තවේගීකව මෙන්ම ද්‍රව්‍යමය වශයෙන් ත්‍යාගශීලීභාවය ප්‍රකට කිරීම (සමානුපාතික හැඟීමකින්).
  • පසුබසින්නට සිදුවුවහොත් ක්ෂණිකව නැවත නව ආරම්භයක් කරන්නට හැකි වන ලෙස දෙවන සැලසුම් තබා ගැනීම
  • තමාගේ තරඟකාරයින් සමග පවා යහපත් සබඳතා පැවැත්වීම
  • තමාට නිරන්තර දිරි ගැන්වීම් කරන්නන් කෙරෙහි පතුරවනු ලබන ලෙන්ගතු ප්‍රසාදජනක අවධානය

මේ අයුරින් තමන් කරන සැලසුම් මගින් රැකියාව හෝ  ව්‍යාපාරය හෝ සාර්ථකත්වයේ හිණිපෙත්තට ගෙනයන්නට සමත් වුවද නොවැළැක්විය හැකි හේතුවක් නිසා අවසාන නිෂ්ඨාවට ළඟාවීමට නොහැකි වුවහොත් තවත් ගමනක් නැති තැනක සිරවීමක් සිදු වුවහොත් ධනාත්මක භාවය ඇති පුද්ගලයා එතැන ලැගුම් ගන්නේද තෘප්තිමත් හැඟිමෙනි.

ධනාත්මක චින්තනයට සෞඛ්‍ය පුර්ණ පරාසයකින් සහසම්බන්ධ වෙයි.

  • දීර්ඝායුෂ වැළඳීමේ හැකියාව
  • ආතතිය අඩු මට්ටමින් පැවතීම
  • මානසික අවපීඩනය අවමවීම
  • සාමාන්‍ය සීත තත්වයන්ට  ප්‍රතිරෝධය දැක්වීම වැඩි වීම
  • ඉතා හොඳින් මානසික පීඩනය පාලනය කිරීම හා හැසිරවීමේ හැකියාවන් සහිතවීම
  • හෘද ආශ්‍රිත රෝගයකින් මරණය සිදුවීමේ අඩු අවදානමක් තිබීම
  • ශාරීරික සුවතාව වර්ධනය වීම
  • යහපත් මානසික සෞඛ්‍යකින් යුතුවීම.

මේ අයුරින් වැඩිහිටි වියේදී පුද්ගලයකු ධනාත්මකබවකින් යුතුව ජීවිත හිණිමග ඔස්සේ ඉහළට නගින්නේ කෙසේදෑයි ඔබ විමසා බලා තිබේද? ඔබ ඒ ගැන සිතන්නේ කුමන ආකාරයෙන්ද?

  • එය පුද්ගලයා ලබන අධ්‍යාපනය හේතුවෙන් ලැබෙන බව
  • ඔහු සතු භෞතික සම්පත් සහ ඔහු වටා සිටින යසඉසුරු සහිත පිරිවර නිසා බව
  • මෘදු කුසලතා වැඩමුළු, දේශනවලට සවන් දීමෙන් ලැබුණු අභිප්‍රේරණය නිසා බව

සත්‍ය වශයෙන්ම මෙම දේවලින් ජීවිත සාර්ථකත්වයට දායකත්වය ලැබෙනුයේ ඉතාම සුළු ප්‍රතිශතයක් බව ලෝකයේ සතුටින් සිටින යුක්ති සාධාරණත්වයෙන් යුතු දියුණුවක් ලැබූ මිනිසුන්ගේ ජීවිත විවිරණය කරන විට පෙනී යයි. මුදල් උපයන , කීර්තිය උපයන සැවොම සතුටින් යුක්තිධර්ම මත සිටිනවා යනුවෙන් සහ ඔවුන් දියුණු අය යනුවෙන් වූ වැරදි සහගත ආකල්ප නිසාත් මුදලට ලැබුණු අනිසි වටිනාකම නිසාත් මිනිසාට අනුපමේය ලෙස උපකාරීවන බොහෝදේ මිනිසාම අහිමි කරගනිමින් සිටින යුගයක අපි ජීවත් වෙමින් සිටිමු.

එමනිසා මේ ආරම්භය ලැබෙන්නේ ළමා වියේදීය. සමාජානුයෝජන ක්‍රියාවලියේදීය. බුද්ධී සංවර්ධන හසුරු කුසලතා දරුවා වැඩියෙන් අත්දැකීම් කළ තරමටය. සදාචාර සංවර්ධනය එදිනෙදා චර්යාවක් වූ තරමටය,  පරිසරබද්ධ ජීවියෙක් ලෙසින් බාල කාලය ගත කළ තරමටය. අභියෝගවලට විවෘත වූ තරමටය. අරපරෙස්සම සහ අවම සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නා අයුරු උගත් තරමටය. අධිපරිභෝජනයෙන් වැළකුණු තරමටය. සමවයස් කණ්ඩායම් සමග සම්බන්ධතාවලට යොමුවන ක්‍රීඩා සහ සෞන්දර්යාත්මක ඉසව් බහුල වූ ජීවිතයක් තිබූ තරමටය.

අපේ දරුවන්ට ලැබෙන්නේ මොනවා ද?

ඉහත සෑම සංසිද්ධියකදීම ආදරය ආරක්ෂාව සහ පිළිගැනීම (අගය, ප්‍රශංසා කිරීම්) සහ නිවැරදි  මාර්ගෝපදේශනය මව්පිය වැඩිහිටියන් ගුරුවරුන්ගෙන් ලැබුණු තරමටය.

සිතා බලන්න  අද අපේ දරුවන්ට ඔවුන්ගේ ළමා කාලයේ ලැබෙන ජීවිතය ගැන. ඉහත කිසිවක් ඔවුන්ගේ ජීවිතයට ධනාත්මක චින්තනය වර්ධනය වන ආකාරයෙන් අප අතින් නොලැබෙන බව සැබෑ සත්‍යය නෙවේද?. සමහරවිට අපට මේවා මගහැරෙන්නට හේතුව අප තුළ ඒවා එතරම් වැදගත් බව නොදන්නා කම නොවේද?.

මා වෙත දරුවෙක් රැගෙන පැමිණි මව්පිය යුවළකගෙන් පියා සිය දරුවා පිළිබඳ කතාකරද්දී මා වෙත මෙවන් කතාවක්ද පවසන ලදී.

“ පුතා එයාට යමක් ලැබුනම පුංචි කාලෙ ඉඳළම ‘පින් සිදුවේවා‘ කියන්න පුරුදු වෙලා හිටියා. ඒත් නෝනා පුතාට බැන්නා  ‘මොන ගොඩේ කතාවක්ද ඒක. තැන්ක් යූ කියන්න පුරුදු වෙන්න’ කියලා.”

‘ස්තූතියි’ කීම ද ඉතා යහපත් බව සැබෑය. එහෙත් එයට වඩා යමක් දෙන්නාට ’පිංසිදුවේවා’ කීමෙන් නොලැබෙන්නේද?. පිංසිදුවේවා කීම වැළැක්වූවත් එය ගොඩේ යනුවෙන් හැඳින්වීම තුළ දරුවාට බෙදීමක් පෙන්නුම් කරන අයුරු ඔබ දුටුවාද?. එපමණක් නොව පින්සිදුවේවා කීම තුළ ගැබ්වන සංස්කෘතිකාංගය දරුවාගෙන් බැහැර කළ බව ඔබට දකින්නට ලැබුණාද?.

ඒ අයුරින් වර්තමාන දරුවන් දැනුම් ගබඩා  මිස ඉගෙනුම් කෙතක් වී නොමැත. එමනිසා වැඩිහිටි වියේදී ප්‍රශ්න අභියෝග හමුවේදී ඔරොත්තුදීමට දරාගැනීමට නොහැකිව උසස් අධ්‍යාපනයේදී රැකියාවේදි විවාහයේදී පීඩාවට පත්වෙති. එබඳු දරුවන් රාශියක් උපදේශනයට යොමුවන අයුරු අත්දැකීම් ඇත.

අප විසින් කළ යුත්තේ කුඩා වියේදීම මෙම කුසලතා දරුවන්ට ලබාගත හැකි පරිසරයක දරුවා හදාවඩා ගැනීමයි. නිදසුනක් ලෙස යම් හොඳ දෙයක් ලබාගැනීමට බලා සිටිය යුතු බව, ඉවසා සිටිය යුතු බව අත්දැකීම් මගින් පෙන්වා දිය යුතුය. හොඳ දේවල් ලබන්නට නම් හොඳ දෙයක් කළ යුතු බව පෙන්වා දිය යුතුය. පිච්ච මල කොතැනක පිපුනද වර්ණය සුවද පෙති ගණන අඩුනොවන්නා සේ යහපත් මිනිසුන් කොතැනක සිටියත් කුමන තනතුර දැරුවත් මිනිස්කමට ගෞරවයක් වන ප්‍රතිපත්තිවලින් සුසැදි බවත් සත්පුරුෂ ගුණයෙන් සුවඳවත් බවත් පෙන්වා දෙන්න.

ලෝකයේ වටිනාම දේ මිනිස් සබඳතායි

එසේම වඩාත්ම සතුටු විය හැක්කේ මිතුරන් සමග ආදරයෙන් සුහදව බෙදාහදා ගනිමින් කාලය ගතකිරීමෙන් මිස තනිව ක්‍රීඩා භාණ්ඩ රාශියක හිමිකරුවා වීමෙන් නොවන බව පෙන්වා දෙන්න. සෑම දෙයකම ඍණාත්මක අසුබ දේවල් මතුනොකර ඒවායේ අඩංගු සීමිත වූ හෝ යහපත් දෑ සමග ගනුදෙනු කරන ආකාරය පෙන්වන්න. අරපරෙස්සම හොඳින් පෙන්වා දෙනවා සේම බහුභාණ්ඩික විම මනසට ඇතිකරන විඩාව පෙන්වන්න.

තමාට අවශ්‍ය දේ පමණක් තෝරාගෙන ඉතිරිය අවශ්‍ය අයට තෝරාගන්නට ඉඩ තැබීමේ මනුසත් ගුණය පෙන්වා දෙන්න. තමාට යම් තරගයක ජයග්‍රහණය අහිමි වූයේ තමා දුර්වල නිසා යැයි සිතන්නට ඉඩනොදී ඔහු දක්ෂ බව පෙන්වන්න. නමුත් ඊට වඩා දක්ෂතා ඇත්තකු තරගය ජයගත් බවත් ඔහුට සුබපතා තම දක්ෂතා වර්ධනය කරගත යුතු බවත් පෙන්වා දෙන්න.

ලෝකයේ වටිනාම දේ මිනිස් සම්බන්ධතා බවත් ඒ සම්බන්ධතා ගෞරවය සාමය සහ ආදරය පෙරටු කොට පවත්වාගෙන යායුතු බවත් දරුවාට ආදරෙන් කතාන්තර සහ අත්දැකිම් ආශ්‍රයෙන් පෙන්වා දෙන්න. ලෝකයේ හොඳම පාලකයා හැඟීම් පාලනය කරගත් තැනැත්තා බව කියා දෙන්න. විවිධ මත, විසංවවලදී අන් මත ඉවසීමටත් සැබෑ නිවැරදි මතයට එකඟවීම අවනත වීම හෝ පිළිගැනීම වැදගත් බවත් බහුතර මතය තමාගේ මතය නොවේ නම් ඉවසා දරාගත යුතු බවත් පෙන්වා දෙන්න. අධ්‍යාපනය සහ ශික්ෂණය එකට යායුතු බව පෙන්වා දෙන්න. ‘විනයෙන් තොර දැනුම විනාශය ගෙන දෙන’ බව උදාහරණ ඇසුරෙන් පෙන්වා දෙන්න.

ධනාත්මක චින්තනය යනු සිතෙහි මවා ගන්නා සිතුවිලි රටාවක් දෙස බලාගෙන සිතමින් සිටීම නොවේ. එය අලුත් සංකල්පයක් ග්‍රහණය කරගෙන ඒ ඔස්සේ අපේක්ෂිත නිෂ්ඨාව කරා යෑම සඳහා මේ මොහොතේ තමා සතුව ඇති සම්පත් ආත්ම විශ්වාසයෙන් යුතුව භාවිත කරමින් කරන ධාර්මික චාරිකාවක් බව වටහා ගත යුතුය. චාරිකාව ධාර්මික නොවුයේ නම් පසුව හෘද සාක්ෂියේ  ඇතිවන තැවිල්ල ඔබව පීඩාවට පත්කරනු ඇත. අපගේ ධනාත්මක චින්තනය තුළ අප පමණක් නොව සමස්ත ලෝකයම ඇති බැවින් අනුන් රිදවා පෙළා මරා උදුරාගැනීමෙන් ලබාගත හැකි ජයක් අපට තිබිය යුතු නැත.

එමනිසා මෘදු කුසලතාවල අනෙක් සෑම ගුණාංගයක් කෙරෙහිම ධනාත්මක චින්තනයේ සුසැදි රටා සැරිසරන අතර ධනාත්මක චින්තනය ඒ සියල්ල හසුරුවන ප්‍රධාන බලවේගය ලෙස පෙන්වා දිය හැකිය. එබේ දරුවාට මේ ගුණය මනාසේ පිහිටුවන්නට කටයුතු කරන්නට නම් ඊට පෙර ඔබ සුබවාදී ආකල්පයන්ගෙන් හෙබිවීම වැදගත් බව මතකයේ රඳවාගන්න.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරුළු හටන ගැන ලෝක රූ රැජන තරග සංවිධාකයන් අප්‍රසාදය පළ කරලා…

Next Post

පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝ හිටපු ජනපතිට අගමැතිට නඩු 27ක් පවරති

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.