ඇමෙරිකානු බලධාරීන් විසින් සිදු කරන ලද මහා පරිමාණ කෞතුක භාණ්ඩ ජාවාරමක් සම්බන්ධ මෙහෙයමුකදී අත්අඩංගුවට පත් වූ කෞතුක වටිනාකමකින් යුතු ශ්‍රි ලංකාවේ බුදු පිළිම දෙකක් එරට රජය විසින් නිව්යෝර්ක් හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට භාර දී ඇත.
මෙම බුදු පිළිම මහනුවර යුගයට අයත් අඟල් 14ක් පමණ උස අභය මුද්‍රාවෙන් යුතු හිටි පිළිම දෙකක් වන අතර ඇමෙරිකාවේ දිස්ත්‍රික් අධිකරණයේ කෞතුක භාණ්ඩ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ ඇමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඒවා ඇමෙරිකාවේ ශ්‍රි ලංකා තානාපති මොහාන් පීරිස් මහතා වෙත භාර දී ඇත.
එරට විමර්ෂන නිලධාරීන් 2011 වසරේ සිට 2020 දක්වා කාලය තුළ මහා පරිමාණ කෞතුක භාණ්ඩ ජාවාරම්කරුවකු ලෙස සැලකෙන සුබාෂ් කපූර් නැමැත්තා විසින් සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කළ විමර්ෂනයේදී සොයා ගත් කෞතුක භාණ්ඩ 2500ක් ක පමණ විශාල ප්‍රමාණයක් හඳුනා ගෙන ඇත.
මිල කළ නොහැකි වටිනාකමකින් යුතු මෙම කෞතුක භාණ්ඩ තොගයේ පුරාවස්තු ශ්‍රි ලංකාව , ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, කාම්බෝජය, ඉන්දුනීසියාව, තායිලන්තය ඇතුළු ආසියාතික රටවල් ගණනාවක උරුමය සනිටුහන් කර ඇත.
එම භාණ්වල විකිණුම් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 143ක් ඉක්මවන බව එරට වාර්තා සඳහන් කරයි.