සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් අද දින තුළ වාර්තා කළේය. නාවලපිටිය ප්‍රදේශයේ 56 හැවිරිදි කාන්තාවක්, අඟුලාන ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක්, මත්තේගොඩ ප්‍රදේශයේ 80 හැවිරිදි කාන්තාවක්, බිබිල ප්‍රදේශයේ 67 හැවිරිදි පුද්ගලයෙක්, දෙහිවල ප්‍රදේශයේ 68 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබුණහ. මේ වනවිට රට තුළින් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 520කි.
එමෙන්ම අද දින තුළ කොවිඩ් ආසාදිතයන් 292ක් රට තුළින් වාර්තා විය. බන්ධනාගාර රැඳවියන් 04ක් ඒ අතර විය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 82644 කි.