බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කොරෝනා මැද්දේ උතුරු මුහුදේ අවකෙළි

by editor
මැයි 13, 2020 - Updated on මැයි 14, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව වසා දැමිනි.   ශ්‍රී ලංකාවට ඇදිරි නීතිය පැනවුණි.

මේ නීති දෙකේදීම සාමාන්‍ය ජනතාවට ඔවුන්ට අභිමත ආකාරයෙන් කටයුතු කිරීමට නොහැකිය. නමුත් මේ කොරෝනා වසංහත සමයේ දී ඉන්දීය ධීවරයෝ මසුන් මැරීමේ කටයුතු වල නිරතව සිටිති. ඔවුන් ඔවුන්ගේ  මුහුදේ පමණක් නොව උතුරු මුහුදු සීමාවට අයත් ප්‍රදේශ ආක්‍රමණය කරමින් මසුන් මැරීමේ කටයුතු වල නිරතව සිටිති.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඉන්දීය ධීවරයෝ මසුන් මැරීමට වඩා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්ගේ අතරමැදියන් ලෙස කටයුතු කරති. මේ ක්‍රියාවද කොරෝනා වසංගතයත් සමගම යම් ප්‍රමාණයකට සීමා වී ඇතත් එය මුළුමනින්ම නතර වී නොමැත.

එකම වසංගතයක් නිසා එකම නිරෝධායන නීති හමුවේ යාබද රටවල් දෙකක් කටයුතු කරන්නේ දෙයාකාරයකට ය.

ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට දෙකටම ඉන්දියන් සාගරය පොදුය.   මේ සාගර කලාපය භාවිතා කිරීමේන් ජීවත්වන  උතුරේ ධීවරයාගේ ජීවිතය කර්මාන්තය මුලුමනින්ම කඩා වැටී ඇතත් ඉන්දියාවේ එසේ සිදු වී  නොමැත. ඉන්දීය ධීවරයෝ බලහත්කාරයෙන්ම මේ දිනවලද උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් මරති. දිවයිනේ සෙසු පළාත් වල ධීවරයින්ට ඇඳිරි නීති සමයේදී මුහුදු යාමට හැකියාව ලැබී ඇතත්  උතුරේ ධීවරයින්ට ඒ අවස්ථාව අහිමි වී ගොස් තිබේ. මේ නිසා උතුරේ ධීවරයෝ මේ වන විට දැඩිව අසරණ වී සිටිති.

දකුණේ මුහුද ආශ්‍රිත ප්‍රදේශ වලදී පසු ගිය දිනවල බලමාලු කිලෝවක් අලෙවි වූයේ රුපියල් දෙසීයක තොග මිලකට බව වාර්තා වුණි. සෙසු මාලු වර්ග වල මිල ගණන් ද ඒ ආකාරයටම බෙහෙවින් පහත වැටී තිබුණි.

නමුත් උතුරේ  මුහුද ආශ්‍රිත ප්‍රදේශ වල හුරුල්ලන් කිලෝවක තොග මිල රුපියල් පන්සීයක් වූ අතර සිල්ලරට අලෙවි වූයේ රුපියල් හත්සීය අටසීය වැනි මිල ගණන් වලටය.

එක්වරම මුහුදු මාලු මිල පිළිබඳව විශාල අර්බූදකාරී තත්ත්වයක් හට ගන්නා ලද්දේ කොරෝනා වෛරස් රෝගයත් සමගිනි.  මාලුවල මිල ගණන් වෙනස් වීම රුපියල් සීයකින් දෙසීයකින් වෙනස් වී ගියේ නම් කමක් නැත. නමුත් මාලු වලටම ප්‍රසිද්ධ මන්නාරමට වඩා  ගම්පහ මාලු මිල ඇඳිරි නීතිය මැද වූවද අඩු බව පෙනුණි.

ගම්පහටඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක විය.  නමුත් මන්නාරමට එවැනි තත්ත්වයක් දක්නට තිබුණේ නැත. නමුත් මන්නාරමේ මාලු ගිනි ගණන්ය.

මේ ගැන තොරතුරු සොයා බලන්නට මන්නාරම එක්සත් ධීවර සමීතියේ උප සභාපති එම්.එස්.අලාම් හමුවුනෙමු.

” මේ ප්‍රශ්නය ආරම්භ වෙනවත් එක්කම මුලින්ම ඇඳිරි නීතිය පැනවුණේ පුත්තලම දිස්ත්‍රික්කයටයි. ඊළඟට කොළඹ පළාතට ඇඳිරි නීතිය වැටුණා. ඉතින් මන්නාරමේ මාලු තොග මිලට ගන්න එන ලොරි   අඩු වුණා. ඒ එක්කම  මන්නාරමේ අය මේ වෛරස් රෝගයට බියෙන් මුහුදු යෑම අඩු වුණා. දවසකට අල්ලන මාලු ප්‍රමාණය අඩු වුනා. මාලු නැති නිසා ලොරි අඩු වුනා.

Jaffna fisherman
ඇඳිරි නීතිය මැද වෙරළේ හුදකලා වූ ධීවරයන්

ඊලඟට මේ කොරෝනා වුවදුර ආවේ යාපනයටය.

යාපනයට ඇදිරි නීතිය ආවා. යාපනයේ මාලු අල්ලන අය කොහෙත්ම මුහුදු ගියේ නෑ. මොකද රංචු ගැසීම පිළිබදව නීතිය යාපනයේ දී ඉතාම ඉහලින් ක්‍රියාත්මක වුණා.

ධීවරයෝ කීප දෙනෙක් මාලු ඇලුවත් වෙරළට මිනිස්සු ආවේ නැහැ. මාලු වෙන්දේසි ක්‍රමය නැති වෙලාම ගියා.   මේ නිසා යාපනයෙත් මාලු නැති වුණා. ගානත් ගාණ වැඩි වුණා.” එම්.එස්.අලාම් කීවේය.

උතුරේ ධීවරයින්  විසින් අල්ලන මාලු ප්‍රමාණයෙන් වැඩි කොටසක් අලෙවිය සදහා රැගෙන ගියේ කොළඹ ඇතුලු දකුණු පළාතටය. එම ප්‍රවාහන සේවා නැවතිනි. ඉතිරියෙන් විශාල ප්‍රමාණයක්  අලෙවිවූයේ උතුරේ හෝටල් හා ආපන ශාලා වලටය. හෝටල් වැසී යෑම නිසා ඒ වෙළෙඳපලත් අහිමි විය. තොග මිල හොඳටම පහළ වැටුණේය. ධීවරයෝ ඔවුන්ගේ ධීවර යාත්‍රා වෙරළේ ගාල් කොට ඔවුන්ගේ රස්සාව අතහැර දැමූහ. මෙහි ප්‍රතිපලය වූයේ උතුරේ මාලු හිඟයක් ඇති වීමත් මාලු මිල ගණන් බෙහෙවින් ඉහළ යාමත්ය.

මේ වන විට මාලු මිල ඉහළ ගොස් ඇතත් ධීවරයන් ඔවුන්ගේ රස්සාව තවමත් ආරම්භ කොට නොමැත. මේ සඳහා බලපා ඇති හේතු ගණනාවක්ම ඇති බව මුලතිව් ධීවර සමීතියේ සභාපති පී.චන්ද්‍රසේකරන් කියා සිටියි.

” මුලතිව් පළාතේ ධීවර රස්සාව බිඳ වැටුණේ මේ කොරෝනා ප්‍රශ්නය නිසාම නෙමෙයි.  කොරෝනා වසංගතය එන්න කලින් නීති විරෝධී ධීවරයින් මේ මුලතිව් පළාතට ඇවිත් මසුන් මරන්න ගත්තා. ඔවුන්ගෙන් විශාල පිරිසක්  මුලතිව් ධීවර සමීති වල ලියාපදිංචි වෙලත් නැහැ. බලහත්කාරයෙන් මාලු අල්ලනවා.

මේ අයට නීති රීති නැහැ. ධීවර පණතට අනුව කටයුතු කරන්නේ නැහැ. සුරුක්කු දැල් රේස් ලයිට් කොස් ක්‍රමයට මාලු අල්ලනවා. ඩයිනමයිට් දාලා මසුන් අල්ලන අයත් ඉන්නවා.  .

මේ අයගේ මාලු විකුණන්නෙත්  වෙන්දේසියේ නෙමෙයි. මේ මාලුවල මිල අඩුයි. ඔවුන්ට හිතවත් අය ඇවිත් මාලු අරන් යනවා. මේ නිසා සම්ප්‍රදායික ධීවරයින්ගේ මාලු විකිණෙන්නේ නැහැ. මෙහෙම බිඳවැටීමක් තිබුණා.

මේ ප්‍රශ්න එක්ක අපු කොරෝනා වසංගතය නිසා මුලු කර්මාන්තයම බිඳ වැටුණා.  දැන් හැමෝම බෝට්ටු වෙරලේ නවත්වලා ගෙවල් වලට වෙලා ඉන්නවා. ඇඳිරි නිතිය නිසා මාලු අල්ලන්න යන්නත් බැහැ. ඉතාම අමාරුවෙන් හරි නීති රීති සේරමත්   බේරගෙන මාලු ඇල්ලුවත් ඒවා දෙන්න කෙනෙක් නැහැ. දැන් අපි ජීවත් වෙන්නෙ කවුරු හරි දෙන දෙයක් කාලා. එළවළු වගා කරපු අය හිටිය. එයාලගේ පලදාව විකුණ ගන්න බැරිවෙලා සත්තුන්ට දුන්නා. ඒ අය වවලා අසරණ වුණා. අපි මුහුද බලාගෙන අසරණ වෙලා.

පී.චන්ද්‍රසේකරන් කියන්නේය. ඔහුට අනුව ආණ්ඩුවෙන් දෙන පන්දහසක සහනාධාරය හැමෝටම ලැබී නැත. උදව් කරන්නේ ත්‍රිවිධ හමුදාවය. ජීවත් වෙන්නේ ඔවුන් දෙන දෙයක් කමිනි.  ධීවර රක්ෂණයෙන් මෙවැනි අවස්ථා ආවරණය වෙන්නේ නැත. මේ මිනිසුන් යාචකයන් තත්වයට වැටී සිටිති.

විපත ගෙල මුලටම පැමිණ තිබේ. ධීවර කර්මාන්තය ඉදිරියට පවත්වා ගෙන යාමත් ඒ කර්මාන්තයේ යෙදී සිටින අහිංසක ධීවරයා ආරක්ෂා කර ගැනීමත් අත්‍යවශ්‍යයෙන්ම සිදූ කළ යුතු දෙයක් සේ මතුව තිබේ.  හුරු පුරුදු දෑතේ රැකියාවට අවසර ලැබුණත් නැවත ධීවර කර්මාන්තය ව්‍යාපාරයක් සේ යථාවත් වනු ඇතිදැයි අපට වැටහීමක් නැත.  එතෙක් මේ මිනිසුන් වෙනුවෙන් නිශ්ඡිත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රටේ වගකීමය.

 

 

 

 

Share69Tweet43
Previous Post

ලොක් ඩවුන් වුණු මැයි දිනය

Next Post

කොරෝනා මැද්දේ උතුරු මුහුදේ අවකෙළි

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.