ලලිත් චාමින්ද –
කොවිඩ් වසංගත තත්වය නිසා වු බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2020 වර්ෂයේ මුල් මාස හය තුළ රුපියල් මිලියන1149ක අලාභයක් වි ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ
එම වාර්තාවට අනුව ශ්‍රිලංකා ගමනාගමන මණ්ඩලය මගින් 2020 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාල සිමාව තුළ රුපියල් මිලියන 15006ක ආදායමක් ලබා ඇත. එම කාල සිමාව තුළ මුළු මෙහෙයුම් පිරිවැය රුපියල් මිලියන 16155කි.
මෙම කාලසිමාව තුළ ධාවන මගී කිලෝමීටර් සංඛ්‍යාව 4324කි. ධාවන කිලෝමිටර් සංඛ්‍යාව මිලියන 137කි. ධාවනය වු බස්රථ සංඛ්‍යාවේ සාමාන්‍ය 3618කි. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පනවන ලද සංචරණ සිමා මගී ප්‍රවාහන අංශයේ මන්දගාමී තත්වයට හේතුවි ඇති බව ද මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවේ දැක්වේ.
මෙම තත්වය නිසා ධාවන හා මගී කිලෝමිටර් ප්‍රමාණය පෙර වර්ෂය 2019 යේ පළමු භාගය හා සැසදිමේ දී 2020 වර්ෂයේ මුල්මාස හය තුළදි පිළිවෙළින් සියයට 35..7කින් හා සියයට 39.2කින් පහළ ගියේය.







