දිනසේන රතුගමගේ –
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකෙරෙන යුද ස්මාරකයේ තැන්පත් කිරීම සඳහා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් පස් රැගෙනවිත් යාපනයේ ආගමික නායකයන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නිලධාරින් වෙත 7 වෙනිදා බාර දී තිබේ.
ආගමික නායකයින් එම පස් ලබා ගෙන ඇත්තේ අවසන් යුද සමයේදී මිනිසුන් විශාල පිරිසක් මියගිය ප්‍රදේශය ලෙස සලකා ඇති වෙල්ලමුල්ලිවයිකාල් යුද ස්මාරකය අභියසිනි.
මේ අතර නැගෙනහිර ප්‍රදේශයේ සිට රථ පෙළපාලියකින් යාපනයට යන අවස්ථාවේදී මුලතිව් මුල්ලිවයික්කාල් ස්මාරකය අබියසදී යුද්ධයෙන් මියගිය පිරිස සැමරූ නැගෙනහිර දේශපාලනඥයින් යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකෙරෙන යුද ස්මාරකය සදහා මුදල් ආධාරයක්ද සිදු කොට තිබේ.







