බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

අප්සාරිගේ දිවි සැරිය 04

by editor
ජනවාරි 16, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

අප්සාරි සිංහබාහු තිලකරත්න –

අප කුඩාම කාලයේ අම්මා අපව නිදි ගැන්වූයේ ඉතාමත්ම ලස්සන සුරංගනා කතා කියමින්, කවි සහ ගී ගයමිනි. යමක් කමක් තේරෙන වයස වන විට ඒ කතා බොහෝමයක් අපේ රටේ රජවරුන්, කුමාරිකාවන් , යෝධයින් ගැන  කියැවෙන වීර කතා විය. නැතිනම් ජාතක කතා විය.   බොහෝ කතා අපේ මනසට දේශානුරාගය එක් කළ අතර සමහර කතා ජීවිතය නිසියාකාරව ගොඩ නගාගැනීමට  බොහෝ යහපත් දේ ලබා දුන්නේය.

රාත්‍රිය පුරාවටම නිවසෙහි අපට ඇසුනේ ගුවන් විදුලියෙහි හෝ කැසට් පටයකින් ගැයෙන බුදු ගුණ සහ පිරිත් දේශනාවන්ය. හවස බුදුන් නැමද රාත්‍රී නිදාගැනීමට මත්තෙන් දෙමාපියන් ඉදිරියේ මැනවින් දනගසා වැඳීමට පුරුදු පුහුණු කරවන ලද්දේ අම්මාය. බුදුන් වෙනුවෙන් උදේ හවා පහන් පත්තුවුනේ සහ දිවා ආහාරයෙන් මූලික කොටස එය ඉදුල් වීමට පෙර බුදුනට පූජා කෙරුනේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති අප්‍රමාණ වූ භක්තියෙන් සහ ගෞරවය පෙරදැරිවය. එසේ කිරීමෙන් කුඩා අප පිදිය යුත්තන් පිදීමට, ගෞරව කිරීමට උගත් අතර ජිවිතය ඉදිරියට ගෙනයාමෙහිදී සමාජයෙහි හැසිරීමේදී එය වඩාත් වැදගත් විය.

කිසිදිනෙක උස් හඬින් දෙමාපියන් සමග කතා බහ කිරීම වාද කිරීම ,එකට එක කීම නුසුදුසු බව අපට කියා දෙන ලදි. දෙමාපියන් යමක් විමසු විට හෝ අප ඇමතුවිටක “ඇයි” ,” මොකද”  හෝ ඔලුවෙන් කතා කිරීම නුසුදුසු බව ආදරයෙන් කියා දි ඇත. ඒ සෑම විටම ” ඇයි අම්මේ ඇයි තාත්තේ” නැතිනම් ” හා හොදයි අම්මේ , තාත්තේ” යනුවෙන් පිලිතුරු ලබා දීමටත් දෙමාපින්ට සාවධානව සවන් දීමටත් නිතරම සිහිපත් කලේය. කිසිදු දිනෙක වැඩිහිටියන්ට නමින් හෝ ඔයා මෙයා කියා ඇමතීම අපට තහනම් කාරනාවක් විය.සෑමවිටෙකම වැඩිහිටියන්හට ගරුකිරීමට අවවාද දෙන ලදි.

එකල නිතර අපව ගුණසේන පොත් හලට ගෙනියන තාත්තා එහිදි බොහෝ පොත් පත් මිලදි ගන්නා  අතර ඒ අපට පුහුණු කෙරෙව්වේ කියවීමය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අද බොහෝ දෙමාපියන් තම දරුවන්ට කතන්දර කීම වෙනුවට සිදු කරන්නේ අයි පෑඩය, කම්පියුටරය  හෝ ජංගම දුරකතනය ඔවුන් අතට දීමය. නැතිනම් රූපවාහිනීය ඉදිරිපිට ඔවුන් වාඩිකර තැබීමය. දරුවා මේ දේවලට ඇබ්බැහි වීම තුළ දෙමාපියන් සොයන නිදහස ඔවුනට ලැබෙනු ඇත. එනමුදු මේවායෙන් නරඹන වැරදි ආදර්ශයන් ඇති දේ බොහෝ විට කුඩා ළමා මනස විකෘති කරනු ඇත.

බොහෝ අයහපත් දේ පෙරදැරිව ඔවුන් තම ජීවිතය ගොඩ නගා ගනු ඇත. දෙමාපියනට ඔවුනගේ ජීවිතයේ ඇති බැදීම ගෞරවය ඉතාමත අල්ප විය හැක. සමහර දරුවන් පාසැල් තුළ හැසිරෙන අයුරු, ගුරුවරුන්ට කතා කරන සලකන අයුරු, අනෙක් දැරුවන්ට පීඩා කරන අයුරු මා හොඳින් අසා දැක ඇත. මා නම් මේ දකින්නේ දරුවන් නිවසෙන් ලබා ගන්නා අයහපත් ආදර්ශයන් අනුව ක්‍රියා කිරීමක් ලෙසය

එදා අපේ අම්මලා ලෙහෙසියට අපට කඩෙන් කෑම කැව්වේ නැත. වැඩ අධිකම අවස්ථාවක වුවද ඇය හැකි අයුරින් පොල් සම්බෝලයක් බත් ටිකක් හැදුවාය.  ඇය නිතරම බැලුවේ ස්වභාවික ගුණවත් දෙයින් අප පෝෂණය කිරීමටය. හෙම්බිරිස්සාවක් කැස්සකටවත් ඉංග්‍රීසි බෙහෙත් හොයාගෙන ගියේ නැත. ඇය අපට නිව්සේදී අත් බෙහෙත් කළාය.  ගුණ දේ ආහාරයට මුසු කොට අපගේ ශරීරයෙහි ප්‍රතිශක්තිකරණය වැඩි කළාය.

එදා අපට ලෙඩ සැදීමේ ප්‍රවනතාවය ඉතාමත් අඩු විය. අද බොහෝ විට එලෙස සිදු නොවේ. දරුවන් කන්නේ පාසැලේ කැන්ටිමෙනි. අම්මාට එය ලෙහෙසිය. යම් මුදලක් දරුවාට ලබා දීම පහසුය. උදෑසන අවදි වී උයනවාට වඩා සමහර දරුවන් තුන් වේලම කන්නේ කඩෙනි. කිසිම ප්‍රමිතියක් නැති වස විස මේ හරහා ශරීරගත වීම සිදුවිය හැක. කුඩා කල පටන් ඔවුන් ලෙඩුන් වීමට ඇති හැකියාව මහත්ය. තවද ඔවුනට මුදල් යහමින් ලබා දීමෙන් ඔවුනට එහි අගයක් නොදැනෙන්නටත් අනවශ්‍ය භයානක දේ සදහා ඇබ්බැහිවීමටත් බොහෝ ඉඩ ඇත.

අම්මා තාත්තා අපට නිවස තුළදී කුඩා කල පටන් උගන්වන්නට උත්සාහ කළ දේ ලබාදුන්නේ අවවාද වලට වඩා ආදර්ශයන් ලෙසිනි.

තාත්තාට පවුලේ නිසි තැන ලැබුණු අතර ඔහුට නිසි ගෞරවය ලබාදීමට අම්මා නිතරම කටයුතු  කළාය.  ඒ දකින අපත් විවාහපත් විටෙක ඇය අනුගමනය  කරනු ඇතැයි බලාපොරොත්තු වූවාය. දහවල් බුද්ධ පූජාවෙන් පසු අම්මා තාත්තා නිවසෙහි හිටියත් නැතත් ඔහුගේ ආහාර වේල බෙදා වෙන්කරන අතර ඉන් පසුව අපට ආහාර ලබා දුන්නාය.

රාත්‍රී කෑම වේල අප පවුලේ සියලුම දෙනා එකට එක්ව ලබා ගන්නේ දවසේ ආගිය තොරතුරු හෙට දවසේ සිදුවන දේ රට තොටෙහි විස්තර කතා බහ කරමින් ඉතාමත්ම සතුටිනි. මා අද මගේ නිවසේත් ඒ දේ ඒ අයුරින්ම සිදු කරනු ලබන්නේ අම්මා බලාපොරොත්තු වූ පරිද්දෙන්මය. හෂාන් නිවසෙහි හිටියත් නැතත් ඔහුගේ කෑම වේල කාටත් කලින් වෙන්කිරීම මාගේ පුරුද්දය.

එදා තාත්තා නිවසින් බැහැරව යන සෑම අවස්ථාවකම අම්මා ඔහුට දණගසා වදින්නේ තෙරුවන් සරණ පතමිනි. මග තොටෙහි ඔහුගේ ආරක්ෂාව පතමිනි. අපද වහ වහා ඇය අනුගමනය කරමින් තාත්තාට දණ ගසා වදින්නේ ඔහුගෙන් ලැබෙන උණුසුම් හාදුවද බලාපොරොත්තුවෙනි.

තාත්තා අම්මාටත් අපටත් පණ මෙන් ආදරය කළ අතර අවශ්‍ය නිසි රැකවරණය ලබා දුන්නේය. කිසි දිනෙක ඔවුන් අප ඉදිරියේ කිසිම අයුරකින් අඩුපාඩු දුක් කරදර ප්‍රශ්න  ගැන කතා කලේ නැත. ඒ අපේ කුඩා සිත් දුකට පත් කිරිමට අකැමති නිසාය. කිසි දිනෙක උඹ බන් කියාගෙනවත් රන්ඩු සරුවල් කරගෙනවත් නැත. අම්මාට සුලු හෝ කේන්තියක් ගොස් ආවේගයෙන් කතා කරනවිට තාත්තා එතැනින් ඉවත්ය යන්නේ  නෑසුන පරිද්දෙනි. දෙදෙනා අතර තිබුණු සමගිය ආදරය  පුදුමාකාරය. ඔවුන් ගත කළේ ඉතාමත්ම ආදර්ශමත් පවුල් දිවියකි. ඔවුහු ලද දෙයින් ඔවුන් සෑහිමට පත්වූහ.

සතුටෙන් කල් ගෙවිය. මා ඔවුන්ගෙන් ලැබූ යහපත් ආදර්ශයන් බොහෝය.

Share69Tweet43
Previous Post

දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා

Next Post

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 04යි… ආසාදිත පුද්ගලයන් ගණන 683යි…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.