වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සමග සාදයට සහභාගී වූ මිනුවන්ගොඩ වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වූ පසු ලබා ගත් තොරතුරු අනුව පාදෙණිය පළමුපෙළ ආශ්‍රිතයෙක් බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැන් වූ මිනුවන්ගො මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීවරයා බැණ තර්ජනය කිරීමක් සම්බන්ධව වාර්තා වේ.
මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂවරයාව කැඳවූ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසා ඇත්තේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ප්‍රභූ වරයෙක් බවය. එවැනි පුද්ගලයෙක් සම්බන්ධව ඍජුව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කරන්නට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කවරෙක් දැයි ඔහු විමසා ඇත.
මේ සම්බන්ධව පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා විනය ක්‍රියා මාර්ගයක් ගන්නා බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසා තිබේ.