කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
මුහුණු පොත හරහා කාන්තාවන් හා තරුණ ගැහැණු ළමයින් සමග සම්බන්ධතා ගොඩනගා ගෙන ඔවුන් හා මිතුරු වී ඔවුන්ව ගණිකා වෘත්තියට පොළඹවාගෙන “ඔන් ලයින්“ ගණිකා ජාවාරමක් කරන සුරූපී කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට හැකි වී තිබේ.
අත් අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා පිළියන්දල කැස්බෑව හා හොරණ පදිංචි කරුවන්ය.
මෙම ගණිකා ජාවාරම ගැන ලද තොරතුරක් අනුව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරීන් උපාය දූතයන් යොදවා අදාල කාන්තාවන් තිදෙනා හා ඔවුන් විසින් ගණිකා වෘත්තියේ යෙදවූ කාන්තාවන් තිදෙනෙක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.
ගණිකා වෘත්තියේ යෙදවූ කාන්තාවන් තිදෙනා වසය අවුරුදු 24, 48, හා 28 වයස්වල පසුවන ඉංගිරිය හා මාතලේ පෙදෙස්වල පදිංචි කාරියන්ය. එක් කාන්තාවක් පරිවාස භාරයේ ළමා විය ගත කළ අයෙකි.
අත් අඩංගුවට ගත් කාන්තාවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි.