බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

by editor
ජනවාරි 10, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

තවත් ඉන්දුනීසියානු ගුවන් යානයක් අනතුරට පත් වූයේය.

පසුගිය තෙවසරක කාලය පුරාම   ලෝක ඛේදවාචක මවමින් සිටින ඉන්දුනීසියානු ගුවන් ගමන් නිර්මාණය කළ අලුතම ව්‍යසනය වූයේ මෙයය. ඊයේ අනතුරට ලක්වන මෙම යානයේ සුන්බුන් සොයන විමර්ශකයන්ට මේ වනවිට මිනිස් සිරුරු කොටස්  හමුවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරටපත් යානය පිළිබඳ කතාව සැකවින් මෙසේය.

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි පොන්තියානාක් බලා පියාසර කරමින් තිබු සිරිවිජයා ගුවන් සේවයට අයත් බෝයින් 707 වර්ගයේ ගුවන් යානයක් ඊයේ (09) අනතුරට පත් වී තිබිණි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

යානයේ මගී ධාරිතාව 130 ක් වුවද, මගීන් 50 දෙනෙකු එහි ගමන් කර කළේය. එම මගීන් අතර ළමුන් හත් දෙනෙකු සහ ළදරුවන් තිදෙනෙකු ද වූහ.  ගුවන් යානා  මණ්ඩලයේ 12 දෙනෙකු  ද යානයේ සිටියහ. යානයේ ගමන්ගෙන තිබූ මුලු පිරිස 62ක් වූ බව බී.බී.සිය වාර්තා කළේය.

යානය ගුවන්ගත වී විනාඩි 4කින් සම්බන්ධතා බිඳී අතුරුදන් විය… (file photo)

ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන්තොටුපලේ සිට බෝර්නියෝ දූපතේ බටහිර දෙසින් පිහිට පොන්තියානාක් වෙත සාමාන්‍ය ගුවන් කාලය විනාඩි 90කි. යානය ගුවන්ගත වන්නේ ඊයේ පස්වරු 2.36ටය. ගුවන්ගත වී විනාඩි 4ක් යනවිට යානය රේඩාර් පථයෙන් නොපෙනී ගොස් තිබිණි. ඉන්දුනිසියානු ප්‍රවාහන අමාත්‍යාංශයට අනුව ගුවන් ගමන් පාලක මැදිරිය අවසාන වශයෙන් යානය හා සම්බන්ධ වී ඇත්තේ 2.40ට පමණය. ජාතික ආපදා සහ ගලවා ගැනීමේ ඒජන්සියේ ප්‍රධානී එයාර් මාෂල් බගුස් පිරුහිටෝ පවසන පරිදි යානය ආපදා සංඥා නිකුත් කර නැත.

ගුවන් ගමන් ආවේශනය කරන වෙබ් අඩවියක් වූ Flightradar24.com වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබුණේ යානය විනාඩියකට අඩු කාලයක් තුළ මීටර් 3000කට වඩා පහත වැටී ඇති බවයි. යානය   ජකර්තා නුවරට කිලෝමීටර 20ක් උතුරු දෙසින් අතුරුදන් වී තිබිණි.

  • ඇසින් දුටු සාක්ෂි

අතුරුදන් වූ යානය අනතුරට ලක්වනු ඇසින් දුටු පිරිසක් වූහ. ඔවුන් එක් පිපිරීමක් දැක තිබිණි. සමහර අයෙකුට ඒ පිපිරීම් ශබ්දය ඇසී තිබිණි.

ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක සේවය කරන ධීවරයෙක් වූ සොහීල් මේ ව්‍යසනය දුටු සාක්ෂිකරුවෙකි. ඔහු බී.බී.සී සේවයට පවසා තිබුණේ අනතුර සිදුවූයේ තමන් සේවය කරමින් සිටි යාත්‍රාවට නුදුරින් බවය. මේ අනතුර සමගම සිය නැවේ කපිතාන්වරයා යළි යාත්‍රාව රැගෙන ගොඩබිමට යෑමට තීරණය කළ බව ඔහු පැවසුවේය.

“ යානය අකුණු සැරයක් වගේ මුහුදට වැටී ජලයේ පුපුරා ගියා.   ඔහු වැඩිදුරටත් “ පැවසුව්ය.  “ එම අනතුර සිදු වුනේ අප ආසන්නයේමයි. යානයෙන් විසිවුණු ෆ්ලයිවඩු වගේ දෙයක් මගෙ නැවේ වැදුනා. සොහීල් බීබීසියට කීවේ එසේය.

යානය අතුරුදහන් වූ ස්ථානය අසල පදිංචිකරුවෝ ගණනාවක්   යානයේ යැයි සිතන සුන්බුන් සොයා ගත් බව කීහ.

  • මෙහෙයුම්

ඊයේ සවස් වනවිටම ඉන්දුනීසියානු නාවික හමුදාව ප්‍රධානව යානය පිළිබදව සෝදිසි මෙහෙයුම් ඇරඹූහ.

නාවික හමුදා නිලධාරී අබ්දුල් රසයිඩ් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ යානය කඩා වැටුනු ස්ථානය   ස්ථානය කේන්ද්‍ර කරගෙන ඒ අවට ආවරණය වන ආකාරයට සෝදිසි මෙහෙයුම් සඳහා නැව් යොදවා ඇති බවය.

දිනයක් ගතවී අවසන්ය. එහෙත් මේ වනතුරුත් මගීන්ගේ ඥාතීහු පොන්තියානාක් ගුවන්තොටුපලේ මෙන්ම ජකර්තා හි සොකර්නෝ-හත්තා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ද බලා සිටිති.

“මට ගුවන් යානයේ පවුලේ සාමාජිකයන් සිව්දෙනෙක් සිටිනවා – මගේ බිරිඳ සහ දරුවන් තිදෙනා” යමාන් සායි නැමැති පියෙක් මාධ්‍යවේදීන් අමතමින් කඳුළු සලමින් පැවසීය.

යානයේ ගමන් මග- අනතුරට ලක් වූ වෙලාව සහ ස්ථානය
  • යානයේ තොරතුරු

ලියාපදිංචි තොරුතුරු ප්‍රකාරව යානය වසර 26ක් පැරණිය. එම යානය බෝයිං 737-500 වර්ගයට අයත්ය. එය යහපත් තත්ත්වයේ පැවති බව ශ්‍රීවිජයා එයාර් හි ප්‍රධාන විධායක ජෙෆර්සන් අර්වින් ජුවෙනා වාර්තාකරුවන්ට පැවසීය.

“අධික වර්ෂාව හේතුවෙන් ගුවන් ගත වීම විනාඩි 30 ක් ප්‍රමාද වුනා. “ජුවෙනා මාධ්‍ය අමතා කීවේය.

ශ්‍රීවියජයා එයා 2003 දී ආරම්භ කළ දේශීය ලාභදායී ගුවන් සේවයකි. ඉන්දුනීසියානු සහ අග්නිදිග ආසියානු ගමනාන්ත වෙත පියාරසර කිරීම පරමාර්ථ කර මෙම ගුවන් සේවය පිහිටුවනු ලැබිනි.

මෙම යානය කඩා වැටෙන්නේ  වර්ෂ 2018 දී ලෝකයම කම්පාකල ඉන්දුනීසියාවේ ලයන් එයා ගුවන් අනතුරු වූ කලාපයට නුදුරෙනි. ලයන් එයා ගුවන් යානය ජකර්තා ගුවන්තොටුපලින් ගුවන් ගතවී විනාඩි 12ක් තුළ අනතුරට ලක් විය. ඒ අනතුරින් මගීන් 189ක් ජීවිතක්ෂයට පත් වූහ.

විදෙස් මාධ්‍ය දක්වන පරිදි මෙම ව්‍යසනය නිරන්තර කතාබහට ලක් වූ ගුවන් යානයේ සැලසුමේ අසාර්ථකත්වයන් මාලාවක් මත පමණක් රැඳී පවතින්නේ නැත. ගුවන් සේවය සහ ගුවන් නියමුවන්ගේ දෝෂයන් ද මේ අනතුරු පසුපස පවතින ආකාරය මේ වනවිට ජාත්‍යාන්තර නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

සිය ඥාතීන්ගේ තොරතුරක් අපේක්ෂාවෙන්…..
Tags: නවතම
Share69Tweet43
Previous Post

ලැන්කැන්ග් දූපත අවටින් හමුවූ සුන්බුන් අතුරුදන් ඉන්දුනීසියා ගුවන් යානයේ!

Next Post

යුද ස්මාරකය කඩා දැමීමට එරෙහිව හෙට උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක්…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.