ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පිරිමින්ගේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් විනිශ්චය කිරීමේ අවස්ථාව හිමිකර ගැනීමට ඔස්ට්‍රෙලියාවේ ක්ලෙයාර් පොලොසැක් සමත් වුවාය. ඇය ඔස්ට්‍රෙලියාව සහ ඉන්දියාව අතර අද (07 දා) සිඞ්නි නුවරදී ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි විනිසුරුවරිය වශයෙන් කටයුතු කළාය.
මිට පෙර මෙවැනි අවස්ථාවක් ලබා ගැනීමට කිසිදු කාන්තාවකට අවස්ථාවක් නොවු අතර ඇය නොබෝ දිනකින් පිටියේ ප්‍රධාන විනිසුරුවරිය වශයෙන් පෙනී සිටිනු ඇතැයි ඔස්ට්‍රෙලියානු වාර්තා පැහැදිලි කර සිටියි. ක්ලෙයාර් පොලොසැක් පළමු වරට පිරිමින් තරග වදින ජාත්‍යන්තර එක්දින තරගයක් විනිශ්චය කිරීමට ඉකුත් 2019 වසර්දී සමත් වුවාය. ඒ නැම්බියාව සහ ඕමානය අතර පැවැති තරගයකි.
32 හැහැවිරිදි ක්ලෙයාර් සිව්වැනි විනිසුරු වශයෙන් කටයුතු කරද්දී ඉන්දියාව සහ ඔස්ට්‍රෙලියාව අතර තරගයේ පිටියේ ප්‍රධාන විනිසුරුන් වන්නේ පෝල් රයිෆල් සහ පෝල් විල්සන්ය. රූපවාහිනී විනිසුරු වශයෙන් බර්ස් ඔක්ෂ්ෆෝඞ් කටයුතු කරනු ලබයි. සිව්වැනි විනිසුරුවරිය වශයෙන් පිටියට නිතරම පැමිණීමට ද ක්ලෙයාර්ට සිදුවීම මෙම ටෙස්ට් තරගයේ සිත්ගන්නා සුළු අවස්ථාවක් වේ.
මීට අමතරව සිව්වැනි විනිසුරුට ඇති ප්‍රධානම රාජකාරිය වන්නේ පිටියේ මැද විනිසුරුවරයකු හදිසියේ තුවාල ලැබුවහොත් හෝ අසනීප වුවහොත් එම රාජකාරියට පණ පෙවීමය. මීට අමතරව සිව්වැනි විනිසුරුවරිය විසින් නව පන්දුව ගෙන ඒම, විනිසුරුවන්ට සිසිල් පැන් ගෙන ඒම, සැහැල්ලු මීටරයේ බැටරි පරීක්ෂා කිරීම, දිවා සහ තේ විවේකයන් හි තණතීරුව පරීක්ෂා කිරීම ආදී කටයුතු පැවරී තිබේ.