බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොන්දේසි මැද කොවිඩ් සිරුරු භූමදානයට විශේෂඥ කමිටුවෙන් නිර්දේශ

by Lanka Sara Editor
ජනවාරි 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් -19 වෛරසය ආසාදිත මෘතදේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරිමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුව කොන්දේසි කිහිපයක් මත භූමදානය සඳහා ඉඩදිය හැකි බවට නිර්දේශ කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍ය මහචාර්ය ජෙනිෆර් පෙරේරා ප්‍රමුඛ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයන් වෛරසවේදීන් ප්‍රජා වෛද්‍ය විශේෂඥයින් ඇතුළු විශේෂඥයන් 11 දෙනකුගෙන් සමන්විත වූ කමිටුව මඟින් මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇති බව සදහන් වේ.

ඒ අනුව මෙම නිර්දේශ යටතේ ඕනෑම ආගමක ප්‍රජාවට කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදානයට කටයුතු කළ හැකිවීම විශේෂත්වයකි.

කෙසේවුවද ඒම කටයුතු බලයලත් සෞඛ්‍ය සේවකයන් මගින් ඥාතීන් සම්බන්ධ කරගෙන සිදුකිරීම සදහා අවසර ලැබෙන අතර, කිසිදු විටෙක ඥාතීන් හට දේහය භාරදීමක් සිදු නොකළ යුතු බවට ඔවුන් නිර්දේශ කර ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එම දේහය හසුරුවන සියලුම සෞඛ්‍ය සේවකයන් covid වැළැක්වීමේ පෞද්ගලික ආරක්ෂණ ඇඳුම් කට්ටලයෙන් සමන්විත විය යුතු අතර එම්බාම් කිරීම ද නොකළ යුතුය.

සියලුම දේහ ඇතුළත ස්ථර දෙකකින් යුතු පොලිතීන් මලුවල බහා සීල් තැබිය යුතු වේ.

භූමදානය සිදුකිරීමේදී අදාල වලෙහි මතුපිට සිට මීටර් 1.5ක් ගැඹුරු විය යුතු අතර භූගත ජල ස්ථරයට මීටර් දෙකක් ඉහළින් විය යුතුය.

භූමදානය කරන ස්ථානය ජලය ඒක්රැස් වන වගුරු බිමකට මීටර් 10ක් ඈතින් පිහිටා තිබිය යුතුය.

පානීය ජලය ලබා ගන්නා ළිං සහ ජල මූලාශ්‍රවලට මීටර් 250 ක් ඈතින් පිහිටා තිබිය යුතුය.

ජලය ගලා යන මාර්ගවලට මීටර් 30ක් ඈතින් විය යුතුය.

අවසන් කටයුතු සඳහා සහභාගි විය හැකි පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකුට පමණක් වන අතර එහිදී ද එක් වරකට පුද්ගලයන් දෙදෙනෙකුට පමනක් මීටරයක් දුරස්ථව හිඳ සිරුරට අවසන් ගෞරව දැක්විය හැකිය.

භූමදානය කරන පරිශ්‍රයට ද ගමන් කළ හැක්කේ පවුලේ සාමාජිකයන් 4 දෙනෙකුට පමණි.

සියලුම ආගමික වතාවත් සඳහා විනාඩි 10ක කාලයක් සෞඛ්‍ය බලධාරීන්ගේ නිරීක්ෂණය මත සිදු කිරීමට අවසර ලබා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිට කොවිඩ්… තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමයි..

Next Post

මාවනැල්ල ගරිකොරියේ පුපුරන ද්‍රව්‍ය අබිරහස විසඳෙයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.