අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇප පිට සිටි චමින්ද විජේසිරි හිරේ යෑම – මහ පාරේ මැරකම් වැපිරූ දේශපාලන මදාවිකම ගැන කතාවක්!

by editor
ජූලි 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

මෙම අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වීමත් සමඟ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ඔහු ප්‍රකාශ කළේ තමන් අධිකරණ තීන්දුවට ගරු කරන බවය. එහෙත් ජනාධිපති නීතිඥවරුන් මාර්ගයෙන් මෙම තීන්දුවට එරෙහිව වහාම අභියාචනයක් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා ඇප මත මුදාගැනීමේ නීතිමය ප්‍රවේශයකට යන බව දැන්වූයේය.

අප තේරුම්ගත යුතු කාරණාවක් තිබේ. චමින්ද විජේසිරි හිරේ යන්නේ දේශපාලන පලිගැනීමක් මත හෝ ජනතාව වෙනුවෙන් කළ වීදි සටනක් නිසා හෝ නොවේ. උද්දච්ඡ දේශපාලන බලයෙන් හිස උදුම්මවාගෙන ස්වකීය අමු මැරකම මහ පාරේ ප්‍රදර්ශනය කිරීමට යෑමෙනි. එය නීතිය අතට ගෙන නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට මහ පාරේදී එල්ල කළ අශික්ෂිත ප්‍රහාරයකට නීතිය ඉදිරියේ ලැබුණු සාධාරණ දණ්ඩනයකි.

සිද්ධිය කුමක් ද?

සිද්ධිය වන්නේ 2019 පෙබරවාරි 10 වන දිනය. එවකට රටේ පැවතියේ මේ චමින්ද විජේසිරි නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකි. මහාධිකරණ නඩු විභාගයේදී හෙළි වූ කරුණුවලට අනුව ගැටුමට හේතුව චමින්ද විජේසිරි ගමන් ගත් වාහනය පාරේ පැමිණි පොලිස් ජිප් රථයක් විසින් ඉස්සර කර පසුකර යෑමය. මේ දේශපාලන ජබර කලන්තයේ ප්‍රමාණය තේරුම් ගත යුතුය. උන් ගමන් කරන වාහනයක් මහා මාර්ගයේ දී පොලිස් ජිප් රථයකට හෝ පසුකර යා නොහැකිය. මේ පොලිස් ජිප් රථයේ ගමන් කරමින් සිටියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනෙකි.

පොලිස් රථය තමන්ව පසුකර යාම නිසා චමින්ද විජේසිරි කිපෙන්නේය. උන්, එම ජීප් රථය පසුපස හඹා ගොස් එහි ගමන හරස් කරන්නේය. අනතුරුව ගිනි අවි පෙන්නා මරණීය තර්ජන කරමින් පොලිස් නිලධාරීන් ජිප් රථයෙන් එළියට ගන්නේය. අනතුරුව රාජකාරියේ නිරතව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ලධාරීන්ට පාර මැද්දේ ධරුණු ලෙස පහර දී බරපතළ තුවාල සිදු කරන්නේය.

RelatedPosts

9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

මේ ප්‍රකට වී තිබුණේ මේ සමාජයේ බරපතල ඛේදනීය ස්වරූපයකි. එය සාමාන්‍ය පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමක් නොවේ. එක් පාර්ශවයක සිටියේ ජනතා ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයෙකු සහ මහජන මුදලින් වැටුප් ලබන ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් රියදුරාත්ය. අනෙක් පසින් සිටියේ රටේ නීතිය හා සාමය සුරැකීමට රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකි. මහජන මුදලින් නඩත්තු වන අමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරියා ද දේශපාලනඥයාගේ උද්දච්චකම ආරෝපණය කරගනිමින් පොලිස් නිලධාරීන්ටම පහර දීමට එක් වී සිටියේය.

අත්අඩංගුවෙන් මිදීමට තැත් කිරීම සහ අවසාන තීන්දුව

සිද්ධියෙන් පසු චමින්ද විජේසිරිගේ රියදුරා පොලිසියෙන් තමන්ට ද පහරදුන් බව පවසමින් රෝහල්ගත වුනේය. චමින්ද විජේසිරි සහ ඔහුගේ ආරක්ෂකයා හැංගුනේය. එහෙත් පොලිසිය වහාම මේ රියදුරා අත්අඩංගුවට ගත්තේය. හැංගුන විජේසිරි හා බඩියා සොයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යෙදෙව්වේය. අවසානයේ සිද්ධියෙන් දින තුනකට පසු මේ මන්ත්‍රී සහ ආරක්ෂක නිලධාරියා නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර විය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු බන්දුල රත්නායක සහ එවකට අමාත්‍ය ආරක්ෂක අංශයට (MSD) අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු වූ රසික කරුණාතිලක නම් කර සිටියහ.

අයුතු අවහිරය, රාජකාරියට බාධා කිරීම, සාපරාධී ලෙස පහරදීම සහ මරණීය තර්ජන එල්ල කිරීම යන බරපතළ අධිචෝදනා යටතේ වසර 7ක් පුරා නඩුව විභාග විය. අනතුරුව බදුල්ල මහාධිකරණය විසින් චමින්ද විජේසිරි සහ ඔහුගේ රියදුරු චෝදනා හතරකට වැරදිකරුවන් කළ අතර, අමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරියා චෝදනා තුනකට වැරදිකරු කරන ලදී.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙම නඩුවේ දඬුවම් නියම කිරීම පසුගිය ජුනි 25 වැනිදාට යෙදී තිබුණද, විත්තිකාර රියදුරු බන්දුල රත්නායක මියගොස් ඇති බව අධිකරණයට දැනුම් දීම නිසා ඉතිරි විත්තිකරුවන් සඳහා දඬුවම් ප්‍රකාශ කිරීම 2026 ජූලි 28 වන අද දින දක්වා කල් තබන ලදී. ප්‍රකාශ වුනේ එම තීන්දුවය.
මේ රටේ අරගලය නැමති ජනතා නැගිටීම සිද්ධ වන්නේ මෙන්න මේ පාදඩ සංස්කෘතියට එරෙහිවය. එහි ඇති විජාතික ස්වරූප ගැන කරන ශාස්ත්‍රීය විශ්ලේෂණ අසා ඇත්තෙමි. රට වෙලා පැතිරුණ මේ ජඩකම හැමදාම මිනිසුන් නිවටයින් සේ ඉවසා දරා සිටින්නේ නැති බව චමින්ද විජේසිරිලාට තේරුම් ගියේ හිරේ යන්නට පෙර බව විශ්වාස කරමි. එක වකවානුවක මේ දේශපාලන මදාවියන්ට ගෙයින් එළියට බැස යන්නට බැරි තත්ත්වයක් ඇති වී තිබුණේය. උන් බොහෝ දෙනෙක් ඊලඟ මැතිවරණයේ දී සේදී ගියහ. එහෙත් බදුල්ලෙන් ජනතා ඡන්දයෙන් මේ වරත් තෝරා පත් කර එවූවන් අතර ඇප පිට සිටි චමින්ද විජේසිරි සහ ඇප පිට සිටින චාමර සම්පත් වූයේය. අද හිරේ ගියේ ඇප පිට සිටි ඒ චමින්ද විජේසිරිය. ඒනිසා හෑලි ලියන ඇත්තන්ට ඒ බව සිහි කරමින් මේ කතාව මෙතනින් නවත්වන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

Next Post

9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!

Related Posts

පුවත්

9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!

ජූලි 28, 2026
පුවත්

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

ජූලි 28, 2026
පුවත්

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!

ජූලි 28, 2026

ඇප පිට සිටි චමින්ද විජේසිරි හිරේ යෑම – මහ පාරේ මැරකම් වැපිරූ දේශපාලන මදාවිකම ගැන කතාවක්!

ජූලි 28, 2026

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

ජූලි 28, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!
  • ඇප පිට සිටි චමින්ද විජේසිරි හිරේ යෑම – මහ පාරේ මැරකම් වැපිරූ දේශපාලන මදාවිකම ගැන කතාවක්!
  • විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.