ඉරිදා, ජූලි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

by editor
ජූලි 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දෙහිවල – බොරලැස්ගමුව මාර්ගයේ බෙල්ලන්විල ඇවිදින මංතීරුව අසල පිහිටි අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා (ජූලි 25) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියේ සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ඝාතනය සිදුවූ දින රාත්‍රියේදීම නවගමුවේදී පොලිස් උගුලකට හසු කරගෙන ඇත.

මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට (දකුණු කොළඹ ශික්ෂණ රෝහල) ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත්තේ මල්ලව ආරච්චිගේ නෙල්සන් සුදත් අමරසිංහ නමැති 55 හැවිරිදි අවන්හල් හිමිකරුවෙකි. පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කොස් මල්ලී” නමැත්තාගේ ඥාතියෙකු වන බවයි. ප්‍රතිවිරුද්ධ අපරාධ පාර්ශ්වයකින් මෙහෙයවන ලද සැලසුමකට අනුව මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.

සැකකරුවන් කොටු කරගත් ආකාරය වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු සැකකරුවන් ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පලාගොස් ඇති අතර, ඒ පිළිබඳව ලද ක්ෂණික තොරතුරු මත පොලිසිය දැඩි සෙදිවිල්ලෙන් පසු විය. ඒ අනුව නවගමුව, නිස්සරණ සිත්බිම පොදු සුසාන භූමිය අසලදී යතුරුපැදිය නවතා තමන් ඇඳ සිටි මුහුණු ආවරණ සහ අත්වැසුම් ගලවමින් සිටි සැකකරුවන් දෙදෙනා නවගමුව පොලිස් නිලධාරීන් විසින් ලුහුබැඳ ගොස් වටලා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් බකමූණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 සහ 37 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් පලා යාමට භාවිතා කළ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය (පෙර වාර්තාවල හෙරොයින් ලෙස ද සඳහන් විය) සොයාගෙන ඇති අතර, බෙල්ලන්විල ඝාතන සැලසුමට අදාළ වැදගත් හඬපට කිහිපයක් ද සැකකරුවන්ගේ ජංගම දුරකථනවල තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

වෙඩික්කරු යුද හමුදාවෙන් පලාගිය අයෙක් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඝාතනය සිදුකළ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැක කෙරෙන පුද්ගලයා මින්නේරිය යුද හමුදා කඳවුරෙන් ගිනිඅවි පැන්නීමේ සිද්ධියකට ද සම්බන්ධ, දැනට හමුදාවෙන් පලාගොස් සිටින අයෙකු බවයි.

RelatedPosts

ජනාධිපති මන්දිරවල පිටස්තරයන් නැවතුණු කතාව සම්පූර්ණ අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය කියයි!

2027 අයවැයෙන් ද්විතීයික දේපළ බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලපෑම්: ආදායම් ඉලක්ක සපුරා ඇති බැවින් අවශ්‍ය නොවන බව රජය කියයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

සිද්ධිය බොරලැස්ගමුව පොලිස් බලප්‍රදේශය තුළ සිදු වුවද, සැකකරුවන් කොටු කරගත් නවගමුව පොලිසිය මෙම ඝාතනයේ ඉදිරි විමර්ශන කටයුතු සහ ඊට සම්බන්ධ සෙසු අපරාධකරුවන් සොයා පුළුල් පරීක්ෂණ පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපති මන්දිරවල පිටස්තරයන් නැවතුණු කතාව සම්පූර්ණ අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය කියයි!

Related Posts

පුවත්

ජනාධිපති මන්දිරවල පිටස්තරයන් නැවතුණු කතාව සම්පූර්ණ අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය කියයි!

ජූලි 26, 2026
පුවත්

2027 අයවැයෙන් ද්විතීයික දේපළ බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලපෑම්: ආදායම් ඉලක්ක සපුරා ඇති බැවින් අවශ්‍ය නොවන බව රජය කියයි

ජූලි 26, 2026
president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

ජූලි 26, 2026

ජනාධිපති මන්දිරවල පිටස්තරයන් නැවතුණු කතාව සම්පූර්ණ අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය කියයි!

ජූලි 26, 2026

2027 අයවැයෙන් ද්විතීයික දේපළ බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලපෑම්: ආදායම් ඉලක්ක සපුරා ඇති බැවින් අවශ්‍ය නොවන බව රජය කියයි

ජූලි 26, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!
  • ජනාධිපති මන්දිරවල පිටස්තරයන් නැවතුණු කතාව සම්පූර්ණ අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
  • 2027 අයවැයෙන් ද්විතීයික දේපළ බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලපෑම්: ආදායම් ඉලක්ක සපුරා ඇති බැවින් අවශ්‍ය නොවන බව රජය කියයි

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.