සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

by editor
ජූලි 25, 2026
in පුවත්
shootin
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ ජාලයේ ස්වරූපය යළිත් ප්‍රකට වෙමින් ඇත. වත්තල ප්‍රදේශයේ සිදු වූ දරුණු වෙඩි තැබීමේ සිදුවීමකට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක  පොලිසිය   විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වත්තල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන 31 හැවිරිදි ජී. විග්නේශ්වරන් (G. Vigneswaran) සහ 30 හැවිරිදි එම්. ලුසිනාත් (M. Lusinath) යන පුද්ගලයන් දෙදෙනාය.

වත්තල දී වෙඩි තැබිමේ අපරාධයෙන් පසු  ඔවුන් දෙදෙනා රටින් පිටවි  නීතිවිරෝධී ලෙස බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත ළඟා වී තිබේ.  ඔවුන් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට පත් වන්නේ ඒ අවස්ථාවේදී ය.

මේ පුද්ගලයින්  දෙදෙනා වත්තල වෙඩි තැබීමේ සිද්ධියට අමතරව ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍යවලට අදාළ නඩු ගණනාවකටම අවශ්‍ය කර සිටින, අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. දැනට තිරුචි මධ්‍යම බන්ධනාගාරයේ (Tiruchi Central Prison) විශේෂ රැඳවුම් කඳවුරක් වෙත මාරු කර යවා  මෙම අපරාධකරුවන්  එළඹෙන සතිය ඇතුළත නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට   නියමිතව තිබේ.

මෙම සිදුවීම මඟින් මෙරට අපරාධකරුවන්ට මෙරට නීතියෙන් බේරී පලා යාම සඳහා පවතින මුහුදු මාර්ගයන්හි අනාරක්ෂිතභාවය සහ ඉන්දීය බලධාරීන් සමඟ පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතාවල වැදගත්කම යළිත් අවධාරණය වී ඇත.

සතියක් තුළ සිදුවූ ප්‍රධාන පාතාල වෙඩි තැබීම් මාලාව (ජූලි 19–24, 2026)

RelatedPosts

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

පොලිස් නිල ප්‍රකාශන මෙන්ම දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජාතික   මඟින් තහවුරු කරන ලද වාර්තාවලට අනුව, 2026 ජූලි 19 වනදා සිට 24 වනදා දක්වා වූ සතියක කාලය තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් භීෂණකාරී වෙඩි තැබීම් මාලාවක් යළිත් දියත් වී තිබේ. මේ වෙඩි තැබීම් මතුවන්නේ එක්වරමය. කෙටි කාලයක් මේ සම්බන්ධ පූර්ණ නිහැඬියාවක් පැවතිය ද එක්වරම මතුවන මේ වෙඩි තැබීම් මාලාවේ    ප්‍රධාන සිදුවීම් පෙළගැස්ම මෙසේය:

  1. ජූලි 19 – දෙහිවල සුසාන භූමියේ වෙඩි තැබීම

ජූලි 19 වනදා දෙහිවල ප්‍රදේශයෙන් සතියේ පළමු වෙඩි තැබීම වාර්තා විය. යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ සැකකරුවන් දෙදෙනෙකු දෙහිවල-ගල්කිස්ස පොදු සුසාන භූමිය ඇතුළටම කඩා වැදී  එහි මුරකරු ඉලක්ක කරගෙන මේ අපරාධකරුවන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.  වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරුවෝ  වහාම පළා ගියහ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර කෙරිනි. මේ වෙඩි ප්‍රහාරයට ඉලක්ක වන්නේ දැනට ඩුබායි හි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ තාත්තා ය.  පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් ප්‍රකාශයට පත් වී ඇත්තේ එසේය.   සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

  1. ජූලි 22 – දෙවිනුවර නිවසකට එල්ල වූ ප්‍රහාරය

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය පිටුපස පිහිටි නිවසක් ඉලක්ක කර ගනිමින් ජූලි 22 වනදා රාත්‍රියේ මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි. එහිදී මිලිමීටර් 9 වර්ගයේ (9mm) ගිනිඅවියකින් නිකුත් වූ උණ්ඩ කිහිපයක්ම එම නිවසේ ඉදිරිපස තාප්පයට සහ බිත්තිවලට වැදී තිබූ අතර, වාසනාවකට මෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදු වී තිබුණේ නැත.

මේ ගැටුමට මුල් වූ සිද්ධිය මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහකට ලක් වි තිබේ. සිය පාතාල බලය ප්‍රදර්ශනය සහ අපරාධ ජාලයට තරුණයින් ආකර්ශනය කරගැනීමේ පරමාර්ථ සහිතව පාතාල කණ්ඩායම් දෙවිනුවර ඇසළ මහා පෙරහරේ කාවඩි කණ්ඩායම් වෙත විශාල අනුග්‍රහයක් දක්වමින්  සිටිති.  එම තත්ත්වය පාතාල  කල්ලි දෙකක ගැටුමක් දක්වා උත්සන්න වී ඇති ආකාරය කංජිපානි ඉම්රාන්ගේ සහ දෙහිගෙදර බාලේ යන අපරාධකරුවන්ගේ හඬ පට ඔස්සේ ඇවිලී ගිය ගැටුමින් ප්‍රකට විය. .

  1. ජූලි 23 (දවල් කාලය) – දෙමටගොඩ කුප්පියාවත්ත වෙඩි තැබීම

ජූලි 23 වනදා දහවල් කාලයේදී දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය අසල පොදු මාර්ගයකදී මහ දවාලේ සිදුවූ වෙඩි තැබීමකින් මහජනතාව දැඩි භීතියට පත් විය. යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු, වෙනත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට පන්න පන්නා වෙඩි තැබුවේය. මෙම ප්‍රහාරයෙන් බොරැල්ල, වානතමුල්ල පදිංචිකරුවෙකු වන දිනෝද් වරුණ බණ්ඩාර නමැති අයගේ පපුවට වෙඩි වැදී බරපතළ තුවාල සහිතව රෝහල්ගත කෙරිණි.

තුවක්කුකරුවන් විසින් වින්දිතයන් ලුහුබඳිමින් දිගින් දිගටම වෙඩි තබන ආකාරය අවට තිබූ සීසීටීවී (CCTV) කැමරාවල සටහන්ව තිබිණි. පොලිසිය සැක කරන්නේ මෙය දැනට බන්ධනාගාරගතව සිටින “වානතේ දුමින්ද” නමැති පාතාල සාමාජිකයාගේ පාර්ශ්වයට  වනාතේ චතූ නැමැති අපරාධකරුවාගේ කල්ලිය එල්ල කළ ප්‍රහාරයක් බවය. මීට පෙර බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ අපරාධයකට ගිනිඅවියක් සැපයීමේ සිද්ධියකට සබැඳි වනාතේ දුමින්දගේ පාර්ශවයේ  පුද්ගලයෙකු ඉලක්ක කරගෙන   “වානතේ චෙතු” නමැති පාතාල කල්ලියේ සාමාජිකයන් විසින් මෙම පළි ගැනිමේ ප්‍රහාරය දියත් වී ඇති බවට තොරතුරු ලැබේ.

  1. ජූලි 23 (රාත්‍රී කාලය) – වත්තල ළමා උපන් දින සාදයේ ඝාතනය

ජූලි 23 වනදා රාත්‍රී 9:30 ත් 9:40 ත් අතර කාලයේදී දරුණුතම වෙඩි තැබීම වාර්තා වූයේ වත්තල, පල්ලියවත්ත  කදිරාන උත්සව ශාලාව  තුළය. ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මට්ටක්කුලියේ කුඩු රොෂාන්” නමැත්තාගේ සහෝදරයාගේ දරුවෙකු වෙනුවෙන් පැවැත්වුණු උපන් දින සාදයක් අතරතුර, මෝටර් රථයකින් පැමිණි හෙල්මට් පැළඳි තුවක්කුකරුවෙකු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

මෙහිදී තුවක්කුකරුගේ සැබෑ ඉලක්කය වූ පුද්ගලයාට වෙඩි වැදී වැදුනේ නැත.  ඒ අසල සිටි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.  ඇතැම් මාධ්‍ය වාර්තාවල “වානතේ සුමේධ” ලෙස මිය ගිය පුද්ගලයා  හඳුන්වා තිබේ.

අපරාධකරුවන් විසින් පලා යාමට භාවිතා කළ මෝටර් රථය ජාඇල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගත්තේය.  මෙම ඝාතනයට සහ අපරාධකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනාව මත කාන්තාවන් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ විග්නේශ්වරන් සහ ලුසිනාත් සෘජුවම සම්බන්ධ වන්නේ මෙම වත්තල ඝාතන සිද්ධියටය.

මේ සිදුවන්නේ කුමක් ද?

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ජූලි 24 වනදා දක්වා නිකුත් කර ඇති නිල වාර්තාවලට අනුව, 2026 වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් ශ්‍රී ලංකාව පුරා සංවිධානාත්මක වෙඩි තැබීම් සිදුවීම් 21 ක් වාර්තා වී තිබේ. මෙම සාහසික ප්‍රහාර හේතුවෙන් පුද්ගල මරණ 14 ක් සිදුව ඇති අතර තවත් පුද්ගලයන් 12 දෙනෙකු විවිධ මට්ටමේ බරපතළ තුවාල ලබා ඇත.

මෙම සතියේ සිදුවීම් මාලාව හුදෙකලා සිදුවීම් නොවන අතර, එය දිගුකාලීන පාතාල කල්ලි වෛරයක සහ මත්ද්‍රව්‍ය වෙළඳපොළේ ආධිපත්‍යය පැතිරවීමේ උත්සාහයක ප්‍රකාශනයකි. විශේෂයෙන්ම, 2026 ජූලි මාසයේ මුල් භාගයේදී මීගමුව   බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම මීට කදිම උදාහරණයකි.  මත්ද්‍රව්‍ය කල්ලි දෙකක් අතර බන්ධනාගාරය ඇතුළත හටගත් එම ගැටුමෙන් සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 31 දෙනෙක්   ජීවිතක්ෂයට පත් වූහ.

මේ වසර තුළ ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරන ලද අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් පාතාල කල්ලි සතුව තිබූ මිලිටරි මට්ටමේ  ස්වයංක්‍රීය ගිනිඅවි යම් මට්ටමකට පාලනය කිරීමට හැකි විය. විදේශගත අපරාධකරුවන් බුරුතු පිටින් කුදලාගෙන එන්නට අවශ්‍ය ක්‍රියාවලිය ප්‍රායෝගික විය. වෙඩි තබාගැනීම් පාලනය විනි.  එහෙත් එක්වරම යළිත් මේ මරාගැනීම් කරළියට පැමිණෙමින් ඇත.

ඒ සමගම රට තුළ අධිකරණය  සම්බන්ධව ස්වාධීනත්වය පදනම් කරගත් දේශපාලන ප්‍රශ්න කිරීමක්  ඇතිවෙමින් තිබේ. මේ හඬ නැගීම පසුපස බරපතල දූෂණ අපරාධ නඩුවලට ඇප මත නිදහස් වී සිටින, නඩු ගොනුවෙමින් ඇති,  නඩු සම්බන්ධ සැකකාර දේශපාලකයින් බහුතරයක් සිටින ආකාරය පෙනේ.  ඒ සමගම යළිත් ආයාසයෙන් මතුකරගත් පාතාල අපරාධකරුවන්ගේ හඬ ඇසෙමින් ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අධිකරණ ඇමතිගේ පුතා රටේ බිහිසුණුම පාතාල අපරාධකරු නොමරා තබා ගැනීමට, වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම ඇතුළු පහසුකම් පැකේජයක් වෙනුවෙන් කෝටි 50ක අල්ලසක් ඉල්ලා එය කෝටි 20ක් දක්වා අඩු කර  ඉන් කෝටි 12ක අත්තිකාරම්  මුදලක් ලබා ගැනීම සම්බන්ධ නඩුවකට දැන් ඉන්නේ බන්ධනාගාරයේය. මේ අපරාධය මෙහෙයවන ලද සමගි ජන බලවේග කෘත්‍යාධිකාරි මණ්ඩල සභික චරිත් අබේසිංහත් ඔහු සමග ඇතුළේය. එවැනි අපරාධ රාජ්‍යයක අපරාධ නඩු ඇසීම මරණීය අවදානමක් සහිත අවස්ථා ඇති කරන බව  තැන තැන මතුවන සිදුවීම් වලින් ප්‍රකාශනය වන්නේ දැයි කල්පනා කළ යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල් මිලියන 110ක කොකේන් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ඉංජිනේරුවෙක් කටුනායකදී කොටුවේ!

Next Post

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
පුවත්

රුපියල් මිලියන 110ක කොකේන් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ඉංජිනේරුවෙක් කටුනායකදී කොටුවේ!

ජූලි 25, 2026
පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

රුපියල් මිලියන 110ක කොකේන් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ඉංජිනේරුවෙක් කටුනායකදී කොටුවේ!

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?
  • රුපියල් මිලියන 110ක කොකේන් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ඉංජිනේරුවෙක් කටුනායකදී කොටුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.